
(අංජුල මහික වීරරත්න)
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් කවුළු 5 ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා, ආයතන පහක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 3 ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කුමා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත
* කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත
* කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත
* කවුළු අංක 10 රුපියල් මිලියන 299,064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකො (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත
* කවුළු අංක 11 රුපියල් මිලියන 225.689+ බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
උපාලි Thursday, 07 November 2024 01:40 PM
වැඩක් නෑ. ලංකාවෙන් මාරු කරලා අපි මහන්සි වෙලා හම්බකරන දේ උන්ට අඩු ගණන් වලින් ගන්න ඕන. ඒ මදිවට ගාස්තුත් අය කරගන්නවා.
Jayabimahardware Thursday, 07 November 2024 07:09 PM
තෝමස් කුක්කත් යාන්තන් බෝඩ්වෙලා නේ...