
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එවකට ගම්පහ පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී ඇති අතර වර්තමානයේ වැලිවේරිය පොලිසියටඅනුයුක්තව රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයකු වන බව පොලිසිය සඳහන් කරයි.
2021 අගෝස්තු මස 6 වෙනි දින මෙම නිලධාරීන් දෙදෙනා ගම්පහ පොලිස් ස්ථානයේ රාජකාරී යෙදී ගම්පහ දුම්රියපොළ අසලදී පරගස්තැන්න තල්දෙන බදුල්ල ලිපිනයේ පදිංචි පුද්ගලයකු ගංජා කිලෝ 2 ගෑම් 270 ක් හා ගිනි අවියක කොටසක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම සාවද්‍ය බව එම පුද්ගලයා විසින් ගම්පහ කොට්ඨාස භාර නිලධාරී වෙත කරන ලද පැමිල්ල ඉදිරි විමර්ශනශන කටයුතු පොලිස්පතිතුමා විසින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි කියන්නේ “ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවා” කියලා...!
මේ අයව බරපතල වැඩ ඇතිව හිරේ දැමිය යුතුයි.