
(සුමිත් පොතුපිටිය )
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය .
අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ.
එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තාවූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසීය .
ඒ අනුව අද නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂක වරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර වරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු හා කොන්දොස්තර නිවැරැදියි. මොකද පාසල් දරුවන්ට සිසුසැරිය තියෙනවා කියලා අමතකද? සාමාන්‍යයෙන් ජනතාව ගමන් කරන බස්වලට පාසල් දරුවෝ ගත්තාම සාමාන්‍ය ජනතාව මෙන්ම දරුවන්ද පීඩාවට පත්වෙනවා. ඒක නොදන්නා බබාලා තමයි ඔහොම තීරණ ගන්නේ පාසල් ළමුන්ට සිසුසැරිය ක්‍රියාත්මක කරන්න සියලු දෝෂ නිවාරණයි...!
අපි පොඩි කාලේ ඉඳලා අද වෙනකන්ම දකින දෙයක් තමයි. පාසල් ළමුන්, ටෙක් ළමුන් එහෙම පෙන්නන්න බෑ... කොන්දොස්තරලාට. බස් එකට නැග්ග ගත්තත් පහත් ලෙස බැන බැන එක්ක යන්නේ. පුදුම වෛරයක් පිරිමහන්නේ... ඇත්තටම හරි ක්‍රමවේදයක් හදලා මේවා නැති කරන්න ඕනේ..
මේ විදිහට කරන අනික් ඩිපෝව තමයි යටිනුවර ඩිපෝව. 1995 ඉඳන් මටත් වුණු දෙයක් ඕක. ඩිපෝවල වැඩ කරන අය හිතන් ඉන්නේ බස් තියෙන්නේ ඔවුන්ගේ අම්මලාගේ හොර මිනිහලාට යන්න කියලා...