
(රවින්ද්‍ර ලියනගේ)
ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනකි.
රජයය අයත් වාහන පහක් නිවසක සගවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ඩිෆෙන්ඩර් රථය සොයා ගෙන ඇත.
අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ ලියා පදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බයිසිකලයක් වෙලාවට බලපත්‍ර අලුත් නොකලම නීතියට තියෙන බිය මේ ඩිෆෙන්ඩර් සහ ලොකු වාහන වලින් යන උන්ට නැහැ, ඒත් මේවා අල්ලනවට සමච්චල් කරන නිවට හැත්ත තවමත් ඉන්නවා.