වව්නියාවේ පාසලකින් මෝටාර් උණ්ඩ හතක් සොයාගනී වවුනියාව මඩුකන්ද ජාතික පාසල් භූමියේ තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 12 March 2024
වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් ඉවතට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 12 March 2024
කුළුබඩු ප්‍රති අපනයන ගැසට්ටුව අත්හිටුවයි ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ. 12 March 2024
නවගමුව වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනා අත්අඩංගුවට නවගමුව පොලිස් වසමේ හාඩ්වෙයර් වෙළෙඳ සැලක් ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා ස්කුටර් වර්ගයේ යතුරුපැදියෙන් පලා ගිය පුද්ගලයන් දෙදෙනා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 12 March 2024
අද වහින තැන් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 March 2024
පවුසිය මඟ කැඩේ පව්සි කාර්යාල දුම්රිය අද 12 අළුයම 5.50ට පමණ අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී ආපදාවකට ලක් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2024
මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. 12 March 2024
සෞදි රට ඉඳි පල්ලිවලට දෙයි සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 11 March 2024
දෝහකටාර්වලින් මෝටර් රථ යතුරු - පරිගණක සොරාගත් අයෙක් ගැන විමර්න දෝහකටාර්හී ප්‍රවාහන ආයතනයක කාර් රථ 26 ක යතුරු හා පරිගණක යන්ත්‍රයක් සොරාගෙන මෙරටට පැමිණ ඇතැයි කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. 11 March 2024
පිටිගල වෙඩි තැබීමකින් අයෙක් මරුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් පිටිගල ගුරුවල ප්‍රදේශයේ දී අද (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු එතනම මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු සහ මාර්ගයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 11 March 2024
හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා ආණ්ඩුව විසින් පනවා තිබෙන බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් සවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී අද පස්වරුවේදී (11) පැවැත්විය. 11 March 2024
කවුරුත් එකඟ වෙන විදියට වැඩ කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 March 2024
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට චෝදනා බාර දෙන්න දින දෙයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබූ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබද වාර්තාවක් ජුනි 10 දින ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලිසියට අද(11) දන්වා සිටියේය. 11 March 2024
ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක් ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවැත්විණි. 11 March 2024
ඩොලරය රුපියල් 302කට බසියි ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල අද (11) දිනයේ රුපියල් 302.6227 ක් දක්වා පහත වැටී ඇතැයි වාණිජ බැංකු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. 11 March 2024
ලොකු ලුණු කිලෝව 1000ට? මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 11 March 2024
හරක් කටා රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් දෙදෙනා අප්‍රේල් 26 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද අද (11) නියම කළේය. 11 March 2024
අලි වැට රකින්න 4500ක් ගන්න මුදල් අමාත්‍යාංශ අනුමැතිය අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවී අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 11 March 2024
උඩින් යද්දී නියමුවන් නිදි අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. 11 March 2024
උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත් විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට විහිද යාමේ අවදානමක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 11 March 2024
වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් කරන්න යයි උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 11 March 2024
අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් සෙබළුන් ඉවතට අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය. 11 March 2024
මහ බැංකුව ඉදිරිපිට විරෝධයක් මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 11 March 2024
80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි 80 හැවිරිදි මිත්තණියක් මියගිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 11 March 2024
මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 11 March 2024
ශ්‍රී ලංකන් ප්‍රගතිය මාස 6කින් ඕනෑ රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පැවසීය. 11 March 2024
‘තෙල් මිල තවත් අඩු කරනවා‘ මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය . 11 March 2024
ඉන්දීය සයුර රකින වැඩකට ජනපති දරුවන් සමග එයි “අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 11 March 2024
තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට සහ දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකර තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධයය දක්වමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය කීපයක් අහිහිටුවීමට සිදුවිය. 11 March 2024
දඹානේ විහාරස්ථානයකට වෙඩි මහියංගණය, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි. 11 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025