IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකරණයේදී වන පාඩුව පියවාගැනීමට පසුගිය රජය වෙනත් කිසිදු ක්‍රියාකරුවෙකු සමඟ කිසිදු ගිවිසුමකට එළඹ නැති බවත් හිටපු විදුලි බල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා සාමාජ ‘එක්ස්’ පණිවුඩයක් නිකුත් කරමින් එසේ පවසයි.

ලංකා ඛනිජ සංස්ථාවට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඇති බවත් එම සූත්‍රයට අනුව ලංකා ඛනිජ සංස්ථාවට ස්වාධීනව මිල තීරණ්‍ය කළ හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.  

පිරිපහදුවේ පාලනය සංස්ථාව යටතේ පවතින තාක්කල් එහි ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු බවත් රජය ඉන්ධන සහනාධාරයක් අනුමත කර පාරිභෝගිකයින්ට දෙන්නේ නම් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු ක්‍රියාකරුවන්ට භාණ්ඩාගාරයෙන් ඕනෑම වන්දියක් ගෙවීමට රජය බැඳී සිටින බවත් කාංචන විජේසේකර වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (5)

’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’

Babanis Tuesday, 05 November 2024 05:01 PM

මෙහෙමනේ හිටපු ඇමතිතුමා රනිල් මැතිතුමා කියනවා වගේ රට කරන්න පලපුරුද්ද අත්‍යාවශ්‍යම වෙනවා. අපි හිතමු දරුවෙක් හෝ දැරියක් නැටුම් විෂය හෝ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගෙන විභාගයට ගිහිල්ලා තියරි කොටස ලකුණු 100% අරගෙන සමත්වෙනවා. ඒත් පසුගිය ශිෂ්‍යත්ව විභාගය ගැන දෙපාර්තමේන්තුව ගත් තීරණය වගේ තීරණයක් අරගෙන ප්‍රැක්ටිකල් නොකර ලකුණු දීලා ලංකාවේ පළමුවැනියා වෙනවා. ඒත් ඉතින් එයාට නැටුම් ප්‍රායෝගික කරන්න පුහුණුවක් හෝ අත්දැකීම් කිසිවක් නැහැ. එහෙම කෙනෙක් ඇවිල්ලා නටන්න හදනවා වගේ තමයි ආණ්ඩුව දැන් තර්ක ඉදිරිපත් කරන්නේ. මොකද ආණ්ඩුවෙ තිදෙනාට ප්‍රායෝගික අත්දැකීම් නැහැනේ.

:       2       2

sukitha Tuesday, 05 November 2024 05:10 PM

වෙනත් වචන වලින් මේ කියන්නේ එහෙම ගිවිසුම් ඇති බව. සුත්‍රයට අඩුවෙන් දුන්නොත් ඒ අඩු ගණන සමාගම්වලට ආණ්ඩුව දෙන්න ඕන කියන එක.

:       0       1

යෝගා Tuesday, 05 November 2024 05:22 PM

පසුගිය කාලයේ ඔය ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට මාලිමා තුන් කට්ටුව එතැන සිටියා. තෙල් මිල අඩුකරන්න බාධාවක් ගිවිසුමේ තිබුණානම් ඇයි ජනාධිපතිවරණයට කලින් නොකිව්වේ. මුන්ගේ බොරු අහලම එපා වෙලා.

:       3       2

Maru-නෙඩ Wednesday, 06 November 2024 01:49 AM

මේ ගොල්ලෝ නාමල්ලා එකතුවෙලා කරපු තෙල් සම්බන්ධයෙන් deals මොනවා වුණත්, දැන් භාණ්ඩාගාරයෙන් මුදල් අරන් ඒ පාඩුව ගෙවා තෙල් මිල අඩුව බෙදන්න පුළුවන් කියලා නේද කියන්නේ..? අම්මට හුඩු.. ආයිත් ඔවුන් ගහපු දේවලින් සැප විඳින්නයි, අපේ මහජන මුදල්වලින් පාඩු පියවන්නයි... කාලා වරෙන්කෝ ඉතින්...

:       0       1

පිටරටවැසියා Wednesday, 06 November 2024 02:08 AM

පසුගිය රජයේ වාර්තාගත අදායමක් ලබපු ඇමැති කෙනෙක්. තාත්තා කැලේ ....

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site