
(උපාලි ආනන්ද)
අනුරාධුපර ශික්ෂණ රෝහලේ ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්යවරියක සිය නිල නිවස තුලදී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත පුහුණු විශේෂඥ වෛද්යවරියගේ සාක්සි විමසීම සහ හරස් ප්රශ්න විමසීම අවසන් කිරීමට උතුරු මැද පළාත්බද මහහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
ඒ අනුව වින්දිත වෛද්යවරියගෙන් සාක්සි විමසීම සහ හරස් ප්රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එළැඹෙන නොවැම්බර් මස 11 දින යළි විභාගයට ගැනීමට තීන්දු කරමින් එදින සාක්සි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිළ්ලේ 4 වන සාක්සිකරුට නියෝග කළේය.
මෙසේ නියෝග කළේ මෙම නඩුකරය අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය පැමිණිළි පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් මෙම නඩුවට විශේෂයෙන් පත් කොට සිටින රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය පෙනී සිටින බවද විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරුන් පෙනී සිටින බවද වින්දිත පුහුණු විශේෂඥ වෛද්යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරුන් වන කූජන බානගොඩ සහ මදාරා විජේසිංහ සහ ජනිත් මහසෙන් සහ සුභාෂනී වීරක්කොඩි යන මහත්ම මහත්මීන් පෙනී සිටින බවත් අධිකරණයට දැනුම් දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd