(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි අයවැයෙන්  ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් ට්‍රිලියන දෙකක අති විශාල මුදලක් යෙදවීමට බලාපොරොත්තු වෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජයක් ප්‍රාග්ධන වියදමක් සඳහා යෙදවූ වැඩිම මුදල් ප්‍රමාණය මෙය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මුදල් යොදවනවා යනු යටිතල පහසුකම් දියුණු කිරීම තුළින් සියලු ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගන්න විශාල පිටුවහලක් වෙනවා.

ණය කළමනාකරණ පනත යටතේ ණය ලබා ගැනීමේ සීමාවන් වලින්  ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදී ව්‍යාපාර ධාරිතාව වර්ධනය කිරීමට සහ මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීමටත් තාක්ෂණයට අනුගත වීමේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීමයි.මේ මගින් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවනවා.මොවුන් නගා සිටුවීම කියන්නේ අපේ ආර්ථිකය වඩාත් ඉහළට අරගෙන සමාජ සවිබල ගැන්වීමයි යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.