
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩමක් අත්පත් කොට ගෙන ඇතැයි දැනගන්නට ඇත.
අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව අංක 302 ග්‍රාම නිලධාරි වසමේ පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මෙම ඉඩම පිහිටා තිබේ.
මහීපාල හේරත් මහතා උතුරැ මැද පළාතේ ආණ්ඩුකාර ධුරයේ රාජකාරි කරන සමයේද අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේම කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමේ ගල්කඩවල,මහිලා මාවතේ වැව් රක්ෂියකට මායිම්ව පිහිටි පර්චස් 80 ක වටිනා ඉඩමක්ද සිය බිරිද නමින් දිර්ඝකාලීන බදු පදනම මත ලබාගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු උතුරු මැද පළාත් වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.දිසානායක මහතා මෙසේ පැවසිය.
“පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පිහිටි මෙම ඉඩම ලබා ගැනිම සදහා මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනේනෙ අංක 76, රත්නගිරි,මොලමුරේ මාවත, කෑගල්ල යන ලිපිනයේ පදිංචි අජන්තා රෑපසාරි හේරත් නැමැති 77 හැවිරිදි කාන්තාවක් විසිනුයි. අප මෙම කාන්තාව පිලිබදව සිදු කල සොයා බැලිමේදි අනාවරණය වුනේ මෙම කාන්තාව උතුරු මැද පලාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ මහතාගේ බිරිඳ බවයි”.
“මෙම කාන්තාව විසින් වානිජ කටයුත්තක් සදහා මෙම ඉඩම ඉල්ලා තිබෙනවා.ප්‍රාදේශිය ලේකම් වරයා වෙත ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලුම් පත්‍රයවත් නිසියාකාරව සම්පුර්ණ කර නැහැ . කොපමණ කාලයක් මෙහි පදිංචිව සිටියාද යන්නවත් ඉල්ලුම් පත්‍රයේ සදහන් වන්නෙ නැහැ” .
“අනුරාධපුර පෙරිමියන් කුලම වැව් තාවුල්ලේ පිහිටි ඉඩම් කොටසක් තමා මෙසේ ලබාදි තිබෙන්නෙ . මෙම ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කුමන නීතියක් යටතේ දුන්නේ දැයි බරපතළ ගැටලු මතු වෙනවා. සාමාන්‍ය මිනිහෙක් ඉඩම් ඉල්ලුවොත් ඒ සඳහා තියෙන අණපනත් කෝටියක් විතර තියෙනවා.”
“අනුරාධපුර අටමස්ථානයට නුදුරින් පිහිටි පෙරිමියන් කුලම වැව් පිටියෙන් ඉඩමක් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයාට ඇති බලය කුමක්ද.ඔහු මේ ලබා දුන්නේ කුමන නීතියක් යටතේද. ඒ වගේම එම කාන්තව විසින් මෙම ඉඩමේ තවත් පර්චර්ස් අසූවක් (80) කොටු කරගෙන වැටක් පවා යොදා තිබෙනවා.මේ දුෂිත අනීතික ඉඩම් ගණුදෙනුව සදහා රාජ්‍ය නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය ලබා දී ඇති බව අපට පැහැදිලිව පෙනෙනවා.”
අයථා ලෙස මෙම ඉඩම් ලබාදිම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට,උතුරු මැද ආණ්ඩුකාරවරයාට, හා අනුරාධපුර මහ දිසාපතිවරයාට පැමිණිලි කල බවද දිසානායක මහතා මෙහිදි පැවසිය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේහිය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක මහතා ගෙන් සිදුකළ වමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය. “හිටපු ආණ්ඩුකාරවරයාගේ බිරිද පෙරමියන්කුලම වැව් රක්ෂිතයෙන් පර්චස් 40 ක ඉඩමක් සදහා බදු ඔප්පුවක් ලබාදෙන ලෙස ඉඩම් කච්චේරියෙන් ඉල්ලමක් කොට තිබෙනවා.ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.”තවම බදු ඔප්පාවක් ලබාදි නැති බවත් ඒ මහතා පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි කියන්නෙ දශක හතක ආශ්චර්යය කියල. මෑතකදී තව පුවතක් පළවෙලා තිබුණා, පුද්ගලික වෙද මැදුරකට ජනතාවගෙ බදුමුදලින් හදපු ගොඩනැගිල්ලක් ගැන. තව වාර්තා නොවුණු දුෂණ බොහෝයි.
ගියොත් ගියතැන අයිතිකර ගන්න ජෝඩුවක් තමයි මහීපාල හා අජන්තා කියන්නෙ අපි දන්න හැටියට මුලින්ම කෑගල්ලෙ අතුරු මාර්ගය හදද්දී ඔහුගේ ගෑස් පර්‍යන්තය කැඩේවි කියලා බයට එහි තිබුන ඇල මාර්ගය පටුකර පාර පලල් කලා ඊළඟට සුනාමි වෙලාවෙ පලාත් සභා නිළධාරින්ගෙන් වැටුපෙන් මුදල් අයකර ගෙන ගෙවල් කීපයක් හැදුවා එහිත් ගෙවල් ඉඩම් අල්ලාගෙන තියෙනවාද බලන්න අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් කටයුතු ඔහුගේ වාසියට කරන්න ඔහුගේ ප්‍ප්‍රදේශයේම දිසානායක කියලා කෙනෙක් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු අනුරාධපුර කාර්‍යාලයට රෙජිස්ට්‍රාර් හැටියට යොදවාගෙන ඉන්නවා ඔහු හිටපු ගුරුවරයේ තමයි ඊළඟට මහීපාල ආණ්ඩුකාරවර වෙලා සිටිද්දී පළාත් ප්‍රධාන ගණකාධිකාරි හැටියට සබරගමුවේ හිතවත් අයෙක් තියාගෙන හිටියේ ගසාගෙන කෑමට වෙන්න ඇති තව තව දේවල් එළිවෙන්න පුළුවන් නව ආණ්ඩුව යටතේ මේවා විමර්ශනය කලොත් හොදයි....
මුන් සෙට් එකයි මුන්ගේ බොසාලා සෙට් එකයි හිතන් හිටියේ සාදාකල් ආණ්ඩු කරනවා කියලානේ
මෙවන් අවර ක්‍රියා කරපු උන්ගේ බොක්ක රත්වන්නට පටන්ගෙන ඇති බැව් කිසිදු පදනමකින් තොරව කරනු ලබන කෑ මොරදීම් වලින් පැහැදිලිය. ගම්පහ පස් ජාවාරම් කාර හිටපු ඇමැතියෙක් රනිල් සජිත් සියලුම දෙනා එක්ව රට පත්ව ඇති තත්වයෙන් බේරාගන්නා ලෙස හඬා වැටෙනු පසුගිය දිනක අසන්නට ලැබුණි. ඒ මොවුන්ගෙ හොරකම් හොර වත්කම්, වාහන ජාවාරම් හෙළිවේ යැයි ඇති බිය නිසාය. නැත්නම් බේරා ගැනීමට රටට අමුතු යමක් සිදුව නොමැත. ආයෝජන ,සංචාරක ව්‍යාපාර වැඩිවෙමින් පවතී. අත්හැර දැමූ විදෙස් ආයෝජන ඇරඹී ඇත.
වයස 77යි. මොවුන්ට නම් ඇති වීමක් නැහැ
අක්කර දස දහස් ගානක් විල්පත්තු අභය භූමිය සුද්ද කරලා බදූර්දීන් ලොක්කා කරපු විනාශය කිසිම දේශපාලුවෙක් මෙච්චර කාලෙකට දැක්කේ නෑ. මේ පර්චස් 40ක් අල්ලන් දඟලනවා. තෙල් මිල, බදු බර අමතක වෙන්න එක්ක හොඳයි ඉතින්.
මේවා ඉස්සර දැක්කේ නැද්ද රජයේ මහත්වරු ?
මේ සඳහා අනුමැතිය අහසින් පාත් වෙන්නේ නෑ .අදාළ නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියා මාර්ග කඩිනමින් ගන්න
හරිනෙ ඉතිං මහී පාල කියන්නෙ පොළව පාලනය කරනව කියන එක නේද...
ඔන්න ඔහොමයි මුන් ඔක්කොම මේ රට හූරා කෑවේ
අම්මෝ වැව අල්ලලා නිකම් හිටපු එක ලොකු දෙයක්, වැව අන්ත්‍රස්ධාන නොකර...
දේශපාලනයට එන්න කළින් සමූපකාර වලට සම්බන්ධ වෙලා හිටියා... මේ මනුස්සයා අද මේ තරම් හම්බ කරේ කොහොමද?
ඔහොම තමයි අවුරුදු හැත්තෑ හයක් රට පාලනය කෙරුවේ, ආසියාවේ ආශ්චර්ය, සෞභාග්‍යයේ දැක්ම යහපාලනය වගේ නම් දාගෙන ජනතාව ගොනාට අන්දවලා කටිටිය සතුටින් බෙදා හදාගෙන කෑවා...!