IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්

(  ජේ.ඉඳුරුවගේ  )

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ  රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින්  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න  කොතලාවල විසින් දෙවන වතාවටත්    අති විශේෂ  ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

  මීට පෙර  ඔක්තෝම්බර් 25 දාතමින් මේ සම්බන්ධයෙන් පලමු ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර  මාස තුනකට වලංගුවන ලෙස ඉකුත් (4 )දාතමින් අද    නව  ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කලින් ගැසට්ටුවේ ඇතුලත්  ඌරන්  ඌරු මස් නිෂ්පාදන  හා  ,රෝග කාරක ද්‍රව්‍ය  විකිණීම  තහනම් යන   වගන්තිය වෙනස් කරමින් එය  නම් කරන ලද බලයලත් නිලධාරියෙකුගේ අවසර පතක් නොලබා ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම ගබඩා කිරීම බෙදාහැරීම හා ඌරු මස්වලින් නිෂ්පාදන සැකසීම  තහනම් බවට නව ගැසට්ටුවෙන්  නියම   කර තිබේ.

ඊට අමතරව අවදානම් ඌරන් ,ඌරු මස් හෝ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අසාධිත ප්‍රදේශය තුළ හෝ පිටතට ගෙන යාම තහනම් කළ නියමය බලය ලත් නිලධාරියෙකුගේ අවසරයක් නොමැතිව එසේ කළ නොහැකි ලෙසද නියම  කර තිබේ.

එමෙන්ම  නම්කරන ලද බලය ලත් නිලධාරියෙක් විසින්   අනුමත කරන ලද ඝාතකාගාරයකදි හැර වෙනත් තැනක ඌරන් ඝාතනය කිරීමද නව ගැසට්ටුව මගින් තහනම් කර තිබේ.

එමෙන්ම   කලින් ගැසට්ටුවේ සඳහන් සඳහන් තහනම් ක්‍රියාවන් වන    සියලුම අවදානම් හා ආසාධිත  ඌරන් ඝාතනය  , අවදානම්  ඌරන්   කෘත්‍රිම අභිජනනය කිරීම  ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම, මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට  හෝ වෙනත් තැනකට  ප්‍රවාහනය වන පරිදි දැමීම  නව ගැසට්ටුවෙන්ද   තහනම් කර තිබේ.

මෙම කටයුතු සඳහා නම් කරන බලයලත් නිලධාරීන් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ,පළාත් අධ්‍යක්ෂ ,විෂයානුබද්ධ විශේෂඥ ,දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරීන් ,සියලු රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ,වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  සෞඛ්‍ය අධ්‍යක්ෂ හා සියලු  පශු වෛද්‍ය නිලධාරින් නම්කර තිබේ.



අදහස් (0)

ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site