මත් ගුලි සමඟ සිංහල බෙහෙත්හලේ හිමිකාරිය අත්අඩංගුවට අගලවත්ත නගරයේ සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග වෙළෙඳසල් හිමිහිමිකාරියවූ (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි. 10 March 2024
සිංහල අලුත් අවුරුද්දට බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 March 2024
‘යුක්තිය මෙහෙයුමට‘ යුද හමුදාවත් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට හෙට (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 10 March 2024
ජනපති රම්‍යා වනිගසේකරට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 10 March 2024
‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 10 March 2024
ගසක් කඩා වැටී බදුල්ල දුම්රිය නවතී නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරු 2.40ට පමණ නා ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ. 10 March 2024
ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න වැඩි වෙයි :ජල මුලාශ්‍ර වලට තර්ජනයක් ශ්‍රීපාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න අද (10) දින වන විටත් තවදුරටත් පැතිරෙමින් පවති. 10 March 2024
‘ගෝඨගෙ පොත් වැඩක් නෑ‘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 10 March 2024
මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීමට විරෝධය දක්වමින් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 10 March 2024
පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත. 10 March 2024
මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රිකුණාමලය ධිවර වරායෙන් (කොඩ්බේ ධිවර වරාය) ගොඩ බිමට රැගෙන ආ බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි . 10 March 2024
සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. 10 March 2024
මුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලා මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 10 March 2024
හෝමාගම මත් සාදයේ 8ක් අධිකරණයට:6ක් රිමාන්ඩ්:19කට පොලිස් ඇප හෝමාගම මාගම්මන සුඛෝභෝගී නිවාස සංකීර්ණයකදී කාන්තා දිනයදා උපන්දිනයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 27 දෙනාගෙන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනකු හා මුදලට පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් හය දෙනකු මෙම මස 14 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි මහත්මිය නියෝග කළාය . 10 March 2024
විශ්වාසභංග විවාදය 19 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 10 March 2024
බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 March 2024
කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 10 March 2024
නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවිය. 10 March 2024
විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා අධික විදුලි බිල් සහ ජල බිල් ගෙවීම දුෂ්කර බව පවසමින් ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී ඇතැයි වාර්තාවේ. 10 March 2024
පොල් මරුවෙක් එයි වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. 10 March 2024
වතුර විකුණන කතාව බොරු ගොවීන්ට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණය කිරීමට රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 March 2024
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක් ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. 10 March 2024
ජා ඇල වෙඩිතැබීමක් ජා ඇල දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය. 10 March 2024
නිවසකට ගොස් කළබල කළැයි පීසී අත්අඩංගුවට ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 10 March 2024
අද කාලගුණය රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 March 2024
සර්දාරි දෙවැනි වරටත් පාකිස්තාන ජනපති පුටුවට පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ පාර්ලිමේන්තුවය. 10 March 2024
ලොව පැරණිම ගස් පොසිල හමුවෙලා ලොව පැරැණිතම වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිල හමුවී ඇත්තේ නිරිතදිග එංගලන්තයේ පොසිල කැණීම් භූමියකිනි. එම පොසිල ගස්, අවුරුදු මිලියන 390 ක් පැරැණි බව තහවුරු වී ඇත. 10 March 2024
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන් චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. 10 March 2024
කොත්මලේ මගක ගින්නක් කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි .අද පස්වරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව ද කැඳවූ බව වාර්තා විය. 09 March 2024
ශ්‍රී ලංකාව 2-1 කින් බංග්ලාදේශය පරදවයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (9) පැවති තුන්වෙනි සහ අවසන් විස්සයි20 තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 09 March 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025