
(ගයාන් සූරිය ආරච්චි)
සමගි ජන බලවේගය මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ අපේක්ෂකවරයා සහ රියදුරු මොමොනරාගල කිරිගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක නැමැත්තෙකි.
පාර්ලිමේන්තු අපේක්ෂකවරයා ඡන්ද ප්‍රචාරක රැස්වීමක් සඳහා සහභාගි වීමට ඔහුගේ රියදුරු සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසල ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධක ගැට්ටක් ආසන්නයේ දී ජීප් රථයේ වේගය අඩුකර ඇති අතර එම අවස්ථාවේ දී අසල සිටි නාඳුනන පුද්ගලයකු රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ඇතැයි පොලිසිය පවසයි.
පසුව එම සැකකරු විසින් ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව ප්‍රහාරයට ලක් වූ අපේක්ෂකවරයා සහ ඔහුගේ රියදුරු මොනවාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
දඹගල්ල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා පාර්ලිමේන්තු අපේක්ෂකට පොල්ලකින් ගහලා
විශේෂ මැතිවරණ ප්‍රකාශක Monday, 04 November 2024 11:51 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්. මොණරාගල දිස්ත්‍රික්කය, දඹගල්ල බුසලේ මැතිවරණ කොට්ටාශය, ටෙලිෆොනයට ජයෙන් ජය.