ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණය හෙට
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023) ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.