IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු කොරියානු සෙබළුන් 11,000 ක්, රුසියාවට ගොස් සිටින්නේ, රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීමටය. පසුගිය නොවැම්බර් 4 වැනිදා සිට උතුරු කොරියානු සෙබළුන්, රුසියන් සෙබළුන් සමඟ එක් වී, යුක්රේන සෙබළුන් සමඟ ගැටෙයි.

රුසියාව සහ යුක්රේනය සේම, රුසියාව සහ උතුරු කොරියාව ද එකිනෙකට මායිම් වෙයි. උතුරු කොරියාව ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී සිටී. ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක පැනැවීමක් ද කර ඇත.

යුක්රේන හමුදා සටන් වැදීමට, රුසියාව අවි ආයුද සහ පතුරම් මිලදී ගන්නේ උතුරු කොරියාවෙනි. කොරියානු නායක කිම් ජොන් උන්, සිය සෙබළුන් යුක්රේනයට යවා ඇත්තේ පුටින් සමඟ පවතින මිත්‍රත්වය නිසාය.



අදහස් (0)

යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site