IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කමලා හැරිස් පරාජය බාරගනී

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 

පරාජයෙන් පසු වොෂින්ටන් අගනුවර හාවඩ් විශ්ව විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් හමුවේ පෙනී සිටිමින්, ඇය ජාතිය ඇමතීමක් ද කළාය. එම අවස්ථාවේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් නොසතුටට පළ කළ හැරිස්, අවධාරණය කළේ සාමකාමී අයුරින් ට්‍රම්ප් සමඟ සුහඳ බල හුවමාරුවකට සූදානම් බවය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගන්නා නමුත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ රටේ නීතිය වෙනුවෙන් දිගටම සටන් කරන බව ද හැරිස් අවධාරණය කළාය.

මැතිවරණ රැළිවලදී හැරිස්, ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් පැවැසුවේ, ට්‍රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වනු ඇති බවය.

60 හැවිරිදි හැරිස්, ජනපති සටනට එක් වූයේ, ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වුණු බැවිනි. බයිඩන් එසේ කළේ, ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.

ජනාධිපති බයිඩන්, ට්‍රම්ප්ට සුබ පතමින්, ධවල මන්දිරයේ හමුවකට පැමිණෙන්නැයි ඇරැයුම් කර ඇත. ජනාධිපති ධුරයට පත්වුණු ට්‍රම්ප්ගේ ජය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීම සිදුවන්නේ ලබන වසරේ ජනවාරියේ මාසයේය.



අදහස් (0)

කමලා හැරිස් පරාජය බාරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 45 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site