
(ෂේන් සෙනෙවිරත්න)
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.
දේවගැතිවරයාට අයත් බව කියන එම සීපී ජේආර් 5556 අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .
මෙම දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පෙලපාලි එනකොට කාණුවලට බැහැලා ඉඩදීපු අය කියයි මේවා මොනවාද කියලා, මොකද ඔවුන්ට වලව්වල ගාය නොදැක ඉන්න අමාරුයි. අනුරාධපුර තමන්ගේ පන්තියේ ගොවි පුතෙක් රටේ නායකයා නොවුණා නම් මේවා හොයනවා බොරු, සමහරුන්ට ඒ ගොවිපුතා තමයි අවුල..!
Lee Kuan Yew රට බාරගත්තාට පස්සේ, තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි, මේ දුෂිත ප්‍රධාන චරිත රට පාලනයට බාධා කරන එක. ඒ සඳහා දූෂිත ආධාරකරුවන් සහ අමන ඡන්ද දායකයින් එකතු කරගෙන මහජනයා වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසමින්, රට අවුල් කිරීමට සහ කරගෙන යාමට නොදී නැවත පාලනය ලබාගැනීමට උත්සාහ කිරීම. සිංගප්පූරු අගමැතිවරයා මේ සඳහා තදින් සිට, ඔවුන්ට දඬුවම් පමුණුවා නීතිය ශක්තිමත් කළ පසු, රටේ සංවර්ධනය වේගවත් වී අප දකින සිංගප්පූරු රට දක්වා දීර්ඝ ගමනක් පැමිණ ඇත. මේ දූෂිත පූජකයින්ද වහා අප සමාජයෙන් ඉවත් කළ යුතුවේ. අප රටක් බාරදෙනු ලබන්නේ අවුරුදු 5 ක වැඩපිළිවෙලකට වන අතර, ඒ සඳහා ඔවුන් අසමත් නම්, ලබන ඡන්දයේදී නැවත නව ආණ්ඩුවක් ගෙන ආ හැක. එසේ ගෙනැවිත් නැවත 2048 තෙක් බලාසිටිය හැක...!
දේව හාස්කමක් වෙන්න බැරිද?
මෙම ස්ථානය රාජසංතක කර මෙම අනවශ්‍ය මිත්‍යා කටයුතු අයින් කරන්න. නැත්තං ආයෙමත් පටන් ගනී මේ හොර ගුහාව. දේපල පුණ්‍ය කටයුතු සඳහා රජයේ ආයතන සඳහා ලබා දෙන්න.
කපුවගේ අනුගාමිකයන්ට සෑහෙන දුක ඇති... දැන් තමයි හොඳම වෙලාව තමන්ට දෙවියන්ගෙන් ලැබිලා තියෙන බලය සහ ශක්තිය පෙන්නන්නට...
කපුවා කපෝති...!
දැන් ඉතින් දෙයියෝ බේරා ගත්තොත් තමයි...
කපුවො මෝඩ මිනිස්සු මුලාකරනවා වගේ හැමදාම නීතියත් මුලාකරන්න පුඵවන් කියලා හිතන්න ඇති. රටේ නීතිය සැමටම එකලෙස හරියට ක්‍රියාත්මක කරනවාට රජයට ස්තුතියි.
දන්නවා ඉතින් ඉස්සර, මොකවත් කරගන්න බැරුවනේ හිටියේ. ඕවාට ක්‍රියාමාර්ග අරන් කොහොමද රස්සාව කරගෙන පවුල නඩත්තු කරන්නේ...? ඊට පස්සේ එන ප්‍රශ්නවලට තනියම මුහුණදෙන්න එපැයි...!
මේක දේව අනුහසින් පහළවුනු එකක් වෙන්න බැරිද? මොකද මම දන්නා විදියට මේ කපු මහත්තයාගේ දෙවි මහත්තයා ජපානේ කාර් කොම්පැණියක වැඩ කෙරුවා.