IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මස්සිනා දොස්තර බිරිය මරයි

 

(අමදෝරු අමරජීව සහ ගයාන් සූරියආරච්චි)

විශේෂඥ වෛද්‍යවරයකුට අයත්  ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05) අලුයම සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි.

සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ මෙම වෛද්‍යවරයා ඝාතනය සිදුවන  අවස්ථාවේදී පෞද්ගලික  රෝහලේ නොසිටි අතර ඔහු සේවය කරන මඩකලපුව ශික්ෂණ රෝහලේ සිට ඇතැයි කියයි.

තියුණු ආයුධයකින් ඇන ඝාතනය සිදුකළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරයාගේ බාල සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ එන්ජලි සුමේත්‍රා ගණේකබාහු (63) නැමති කාන්තාවය.

උදෑසන රාජකාරියට පැමිණි රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඝාතනය දැක මේ බව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.පොලිසිය එන විටත් ඝාතකයා එම ස්ථානයේ රැඳී සිටි ඇතැයි පොලිසිය කියයි  .ඝාතනයට ලක් වූ කාන්තාව ලන්ඩන් සිට ගුවන් මගින් ලංකාවට පැමිණ අලුයම සිය වාසස්ථානයට පැමිණ කාමරයේ දොර විවෘත කරද්දී ඊට යාබද කාමරයේ නැවතී සිටි සැකකරු තියූණු ආයුධයකින් ඇණ මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගනු ලැබුහ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර ත්‍රිකුණාමලය  ප්‍රධාන මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ත්‍රිකුණාමලයේ මහ රෝහල මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසත් නියම කලේය.

අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදු කළහ .සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය මගින් සිදු කරගෙන යයි . 

(ඡායාරූප: අමදෝරු අමරජීව)



අදහස් (0)

මස්සිනා දොස්තර බිරිය මරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site