
(රෝෂන් තුෂාර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිපියක් ජනපතිවරණයට පෙර සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සැකකරුවන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා රහස් පොලිසියට අද (06)නියෝග
ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට නුසුදුසු බවට ජනතාව තුළ මතයක් පැතිරවීමට හා ජාතික ජන බලවේගය අප කීර්තියට පත් කිරීමට ද්වේශ සහගතව හා වංචනිකව ජාතික ජන බලවේග ලිපි ශීර්ෂය සහිතව මුහුණු පොතේ ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර පොලිස් නිලධාරීන් මෙසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.
ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 12 වැනි දින රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ජාතික ජන බලවේගය ලිපි ශීර්ෂය යටතේ නීතිඥ සුනිල් වටගල මහතා විසින් 2024 සැප්තැම්බර් 10 වෙනි දින කොළඹ පෞද්ගලික රෝහලක් අමතා සකස් කරන ලද ලිපියක් බවට හැඟී යන පරිදි මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කර ඇති අතර එම ව්‍යාජ ලිපිය සමාජගත කිරීම තුළින් අනුර කුමාර දිසානායක මහතා කොළඹ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගත් රෝගියකු බවට හැඟී යන පරිදි පොදු මහජනයා තුළ යම් තහවුරු කිරීමක් සිදුකිරීමට වෙර දරා ඇති බවත්,අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජය තුළ අවිශ්වාසයක් අප්‍රසාදයක්,ජනපති ධුරයට නුසුදුසු බවට මතයක් ඇති කිරීමට වංචනික චේතනාවෙන් ලිපිය පළ කර ඇති බව සුනිල් වට කළ මහතා රහස් පොලිසියට පැමිණිලි කර කරමින් සඳහන් කර ඇත.
සුභාග හේරත් හා ඩී. වන්නිආරච්චි නමැති ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා මෙම ව්‍යාජ තොරතුරු පලකර ඇති බවට සුනිල් වටගල මහතා විසින් රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රතිවාදී පක්ෂය දෙකක පුද්ගලයින් පලකර ඇති බවත් පැමිණිලි කර ඇත.
සුනිල් වටගල මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන ප්‍රගතිය පිළිබඳව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අනාවරණය වන්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස දන්වමින් විමර්ශන ගොනුව සේප්පුවේ තිබීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට පත්කිරීමට, ද්වේෂ සහගතව උගන්ඩාවට ඩොලර් පිටකළ බවට බොරු කිව්ව මාලිමා සෙට් එකටත් දඬුවම් කරන්න ඕනෑනේ...!
සිදුවිය යුත්තක්. අනුර සහෝදරයාට මඩ ගැසීමේ අරමුණින් අනුර සහෝදරයාගේ රුවට සමාන රුවක් ඇති මුහුණු පොතේ රඟදැක්වූ පුද්ගලයා ගැනත් සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න...!
හොන්ද වැඩක්.ඔය වගේ බොරු මඩ ප්‍රචාර ගෙනියන හැම එකෙකුටම විරුද්ධව නීතීයෙන් උපරිම දණ්ඩුවම් දිය යුතුයි .
එහෙනම් මාලිමා බොරු ප්‍රචාර කරපු ඔක්කෝම බාර වෙන්න කියන්න. වැඩි හරියක් මඩ ගැහුවේ එයාලා...
දැන් බලාගනින් රිලව්නේ. කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියලා. දැන් සැපද?
ලංකාවේ සමාජ මාධ්‍ය අපහරණය කළේ මාලිමාවේ අය තමයි. අනිත් හැමෝම ඔවුන්ගෙන් ඒක ඉගෙන ගත්තු අය. ගුරාලව අත් අඩංගුවට ගන්නේ නැතුව ගෝලයන්ව අත්අඩංගුවට ගන්න සිරිත හඳුන්වලා දුන්නෙත් මාලිමා ආණ්ඩුවම තමයි.
බොරු කියන එකයි, කෙනෙක්ගේ නම සඳහන් කරලා අත්සන යොදලා ලියැවිලි ප්‍රසිද්ධ කරන එකෙයි වෙනස නොදන්නා ටෙලිෆෝන් සිලින්ඩර බිල්ලෝ ඉන්නවානේ. එහෙම නම් අර දානේ නැතිවෙයි. පෙරහැර ඉවරයි. ලේ විලක් වෙනවා කියපු උන්නාන්සේලාත් අල්ලන්න එපායෑ... ඒ එකක් වත් වුණාද?
අනුර, රනිල් ඩීල් තියෙනවා කීවා, ඩොලර් එක හාරසීය වෙනවා කීවා, කොටස් වෙළඳපොල බහිනවා කීවා, ඇත්කඳ විහාරේ පෙරහැර ඉවරයි කීවා, දළදා පෙරහැර ඉවරයි කීවා, පන්සල් වලට දානෙ නැතිවෙයි කිව්වා, රටම ලේ විලක් වෙනවා කීවා, ජාතික කොඩිය ජාතික ගීය වෙනස් කරනවා කීවා, එකක්වත් වුනේ නැහැනේ, උනුන් අල්ලලා හිර කරන්නද කියන්නේ?, මේක ව්‍යාජ ලියැවිල්ලක් සම්බන්ධයෙන් කලින් කල පැමිණිල්ලක් තේරුම් ගන්න.
එයාලාට හතර අතේ අවබෝධයෙන් බොරු කියලා, මිනිස්සුන්ගේ දේශපාලනේ විනාශ කරලා, මිනී මරලා, ගෙවල් ගිනිතියලා, ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රටටම කෙලවන්න හොඳයි. හැබැයි එයාලාට විරුද්ධව චූටි චෝදනාවක් ආවත් හරියට අමාරු වෙනවා...
විරුද්ධවාදීන් මර්ධනය පටන් අරගෙන වගේ සංසාර පුරුදු තමයි...
හොරුන්ට මඩ ගහනවා වගේ නෙවෙයි රටවැසියා... අවංක මිනිස්සුන්ට මඩ ගහන එක වැරැද්දක්. ඔයාලාට නුවණ පෑදේවි යෝගා වුණත් මීට වඩා රට ගැන හිතන්න ඕනෑ.
ඔන්න වැඩේ.
බොරුද නැද්ද කියන එක ලඟදීම දැනගන්න පුළුවන්?