
(විමුක්ති එස් රුද්‍රිගු)
"ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය" යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව සංවිධානය කළේය. සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය සහභාගී වූවාය.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ටිබෙටය, ජපානය, රුසියාව ඇතුළු බටහිර සහ ආසියානු රටවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
ද්‍රෞපදී මුර්මු මහත්මිය බුදුන් වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව සමුළුව ආරම්භ වූ අතර සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරාධිත අමුත්තන් විසින් පහන් දල්වන ලදී. සමුළුවේ පිළිගැනීමේ කතාව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් හිමියන් විසින් පවත්වන ලදී.
අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ආරාධිත විද්වතුන් ලෙස සමුළුවට සහභාගී වේ.
එහිදී අදහස් දක්වමින් ද්‍රෞපදී මුර්මු මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය "අද මෙම සමුළුවට ආසියාව පුරා මෙන්ම අන් රටවලින්ද සංඝරත්නය සහ විවිධ පුද්ගලයින් පැමිණිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් විවිධ භාෂා කතා කරන විවිධ ඇඳුම් පැළඳුම් අඳින අය. නමුත් ඔවුන් අදහන දර්ශනය එකක්. එය බෞද්ධ දර්ශනයයි. එම නිසා ඔවුන් සියල්ලන්ම සාමකාමියි. එබැවින් මෙවන් ස්ථානයකට පැමිණීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත්වෙමි".
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහ ලොකු සම්මේලන තියෙනවා. ඒ වුණාට මේ රටේ දුප්පත් මිනිස්සුන්ට හාල් මල්ලක් දීලා ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් වලට හරවා ගන්නවා. අර ඊයේ පෙරේදා, ජෙරම් ගිහින් හාලා ගුටි නොකා ආවේ, ඔය වගේ ඒවා කොච්චර වෙනවාද දවසකට...?
හාල් මලු නම් මොනවාද? පහුගිය කාලේ ක්‍රිකට් ටීම් එකට බැඳෙන්න අනිවාර්යෙන් ආගම වෙනස් කරන්න ඕනෑ වුණානේ. ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ... කිසිම බෞද්ධයෙක් ඕවාට කතා කරන්නේ නෑ. ඔවුන් කරනකොට කිසිම ජාතිවාදයක්, ආගම්වාදයක් නෑ. අපි කතා කරනකොට ජාතිවාදියා, ආගම්වාදියා...
රතුවිතාන මහතාගේ හෝ මහත්මියගේ කතාව ඇත්ත. අපේ උන්නාන්සේලා දායකයින්ගෙන් කඩා වඩාගෙන මඩිය තර කර ගන්නවා. ළමයි, ගෑනු දූෂණය කරනවා.. හදි හූනියම් බොරු, සාස්තර, මගඩි, කට්ටඩිකම් කරලා කුල්ලකුජීත වෙලා යනවා. හැබැයි බොරුවට දේශනාව නම් දෙනවා කොර වෙන්න.
කතුවිතාන පල්ලියේ පූජකවරු කාන්තාවන් දූෂණය කරනවා... දේව බලෙන් ලෙඩ හොඳ කරනවාය කියලා අන්දනවාය, දේව බලෙන් අනාගතේ කියනවාය කියන ඒවා ඒ ආගමේ ප්‍රශ්ණ. ඒවා ඒ ආගම අදහන මිනිස්සු බලාගන්න ඕනෑ. ඔහොම දූශිත පූජකයෝ කොයි ආගමේත් ඉන්න පුළුවන්. ඒක නෙමේ මෙතැන ප්‍රශ්නේ, ආගමේ හරය අතෑරලා සල්ලි වලට, බලයට, තනතුරු වලට ආගම් වෙනස් කරන්න ඉඩදීමයි. ජේසුස් වහන්සේට කරන්න පුලුවන් විශාලම අපහාසයක් ඒක...