
(අංජුල මහික වීරරත්න)
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 5ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර 2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එකී වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37 ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතී.
එසේම, අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කිලෝ මීටර 1,000 ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගනු ලැබ ඇත.
එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
PGPTHILAK Wednesday, 06 November 2024 04:31 PM
ඕවා දූෂිත නිලධාරීන්, දේශපාලුවන් හොර කොන්ත්‍රාත්කාරයින් එක්ක කල්ලි ගැහිලා මහජන මුදල් ගසා කෑමට ඉදිරිපත් කරලා තියෙන හොර බිල්! ඕවාට ඇස් ඇරලා සත්‍ය අසත්‍යය හොයන්නේ නැතිව ගෙවනවා කියන්නේ මහින්ද ක්‍රමයම තමයි!!! ඇයි ජාතික ජන බලවේගයේ නායකත්වයට මොළයක් නැද්ද?
don Wednesday, 06 November 2024 06:46 PM
ඒ කියන්නේ මහින්දගේ හොර, තක්කඩි, වංචාකාර රැළට ගෙවන්න යන්නේ...