සරසවි අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. 02 May 2024
පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 02 May 2024
ගම්පහට මී උණ අවදානමක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන තිබේ . 02 May 2024
වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ඔවුන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසා දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයෝ දැඩි විරෝධයක් එල්ල කළහ. 02 May 2024
වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උපවාසයක් ආරම්භ කළහ. 02 May 2024
එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. 02 May 2024
රැඳවියෙක්ගේ සිරුර කුටියේ එල්ලෙයි මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය කියයි . 02 May 2024
කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට තලෙයිමන්නාරම ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපළ අද සිය භාරයට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 02 May 2024
වරායෙන් වාර්තාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි 02 May 2024
මැණික්හින්න රෝහලේ ගැටුමට ඩොක්ටර්ට ඇප පසුගිය ඉරිදා (28) සවස මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගියෙකු සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මැණික්හින්න පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් එම රෝහලේ වෛද්‍යවරයා, තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී.ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළාය. 02 May 2024
නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්රදානය කර තිබේ . 02 May 2024
විධායක නිලධාරීන්ට සාකච්ඡාවක් රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය සහ මුදල් අමාත්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. 02 May 2024
සීදූව හිටපු නාගරික මන්ත්‍රී කුඩු සමග මාට්ටු අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250 ක් සමග දූනාගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි. 02 May 2024
‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘ මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය. 02 May 2024
යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි. 02 May 2024
පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි 2024 මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 02 May 2024
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ නමැත්තෙකුගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ බිරිඳ රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 May 2024
දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 02 May 2024
කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 May 2024
හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 02 May 2024
දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 May 2024
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 01 May 2024
‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘ “මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන වසරේ මැයි දින රැලිය මේ රටේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට යටතේයි.” යයි ජාතික ජන බලවේගයේ මැයි දින මාතර රැලියේ දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 01 May 2024
‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘ එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය. 01 May 2024
‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2024
විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන් අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බව අහංගම පොලිසිය පවසයි. 01 May 2024
‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘ අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය. 01 May 2024
වෑන්රියක්-අත්ට්‍රැක්ටරයක් ගැටී අයෙක් මරුට:5ක් රෝහලට යාපනය මහනුවර ඒ්-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී වෑන් රියක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය. 01 May 2024
බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා පියවර ගෙන ඇත. 01 May 2024
මැයි දිනයට ලංගමයෙන් බස් 685ක් පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය 01 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025