මාධ්‍යවේදි කුමාරසිරි සජබට එක් වෙයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. 26 July 2024
’’අධිකරණය නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 July 2024
සරත් කීර්තිරත්න ඇප තියයි එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මහතා අද (26) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය. 26 July 2024
පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි. 26 July 2024
කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමට ලුණු දාලා කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 July 2024
පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 26 July 2024
හෝමාගම තැබෑරුම් දෙක වසා දමයි හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී පැවසීය. 26 July 2024
නිතී විරෝධි දුම්වැටි සමඟ දෙදෙනෙක් දැලේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් හතලිස් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 July 2024
පාන් මිල අඩුවෙයි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි . 26 July 2024
මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 26 July 2024
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත. 26 July 2024
යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැවිරිදි මේරි කුමරිය බිම ඇද වැටුණු නමුත්, ඇයට කිසිදු අනතුරක් සිදුනොවිණි. 26 July 2024
රනිල් ඇප තියයි සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය . 26 July 2024
උඩරට දුම්රිය ධාවනය යථාපරිදි ගසක් කඩා වැටීමෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු අද (26) උදෑසන සිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි 26 July 2024
ජනපතිවරණයට ඇප තියෙන්නේ මෙහෙමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන ලබන මස 15 දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වෙනිදා දහවල් 12.00 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 26 July 2024
ශ්‍රි.ල.නි.ප. අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු මිද්දෙනිය , ගල්පොත්තෙයාය - ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනුලැබීය . 26 July 2024
අදත් තැනින් තැන වැසි සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 July 2024
මාර ගස බදුල්ල කොළඹ දුම්රිය ගමනට බාධා කරයි උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (26) උදෑසන විශාල මාර ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 26 July 2024
ජනපතිවරණය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 26 July 2024
එළිමහන් කඳවුරෙන් සිරකරුවෙක් පනී වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විදිමින් සිටි රැදවියකු කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 26 July 2024
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 26 July 2024
පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. 26 July 2024
ජනපති පුටුවට දැනට 12ක් සටනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. 26 July 2024
ප්‍රංශය ශාරුක් රනින් සරසයි ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය. 26 July 2024
කටාර් බෝඩිමක ගින්නක් ශ්‍රී ලංකා - නේපාල් කතුන් තුවාල ලබයි කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පෙරෙදා (24) සවස ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් ශ්‍රී ලාංකික හා නේපාල ජාතික කාන්තාවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. 25 July 2024
කේතය වෙනස්කර ඉරානයට තේ යවලා වෙන්චර් ටී සමාගමේ අයි.ආර්.සී කේතය ව්‍යාජ ලෙස භාවිතා කරමින් ඉරානයට තේ අපනයනය කළේ යැයි කියන මෙරට ප්‍රසිද්ධ මූල්‍ය හා රක්ෂණ සමාගමක සැකකරුවන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට කරමින් අද (25) නියෝග කළේය . 25 July 2024
ජනපතිවරණ දිනය අද රෑ එළියට? ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත. 25 July 2024
අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලයේ දොරගුළු කඩා එහි තිබූ දේවාභරණ ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි. 25 July 2024
සිංහබාහු චිත්‍රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා සම්මානලාභී චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ,’’ සිංහබාහූ’ සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය. 25 July 2024
අපුරේ වැව්වල මල් බද්දට දීලා අනුරාධපුරයේ වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම සම්බන්ධයෙන් අනුරාධපුර ජනතාව දැඩි ලෙස විරෝධය දක්වති. 25 July 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026