IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්‍රීඩාවත් එක්ක සෙල්ලන් කරන්න කාටවත් දෙන්නෙ නෑ

(යොහාන් භාසුර)

ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (19) පැවසීය.

කිසිදු ක්‍රීඩා සංගමයක් හෝ නිලධාරීන් සමඟ වි⁣ශේෂ හිතවත් කමක් හෝ වි⁣ශේෂ අමනාපයක් නොමැති බවත් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටලු සංගම් තුළම විසඳාගෙන ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට සියලු දෙනා එක් විය යුතු බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඇතිවී ඇති අර්බුද සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් නියෝජිතයින් අද (19) කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය.

මෙහිදී දැල්පන්දු සංගම් නියෝජිතයන්ගෙන් වත්මන් තත්ත්වය පිළිබඳ විමසූ අතර, වර්තමානයේ පවතින අර්බුද ඇති වීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස කරුණු විමසීය.

දැල්පන්දු සම්බන්ධව ඇති නීති කෘත්‍යයන් හැකි ඉක්මනින් අවසන් කර, ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වා නිලධාරී මණ්ඩලය නැවත පත් කරගන්නා ලෙස ද උපදෙස් දුන් අමාත්‍යවරයා, එම කිසිදු කටයුත්තකට මැදිහත් නොවන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, සුගත් තිලකරත්න සහ එරංග ගුණසේකර යන මහත්වරු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සියහ.

 



අදහස් (4)

ක්‍රීඩාවත් එක්ක සෙල්ලන් කරන්න කාටවත් දෙන්නෙ නෑ

pj Friday, 20 December 2024 08:41 AM

ඇන ගැනීමට ආසන්න බවක් කතාවෙන් පෙන්නුම් කර ඇත.

:       5       2

Leelananda Friday, 20 December 2024 10:33 AM

ඇයි තවම ක්‍රිකට් ආයතනයේ දූෂිතයින් අයින් කළේ නැත්තේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළොත් ක්‍රිකට් ක්‍රීඩාව සූදුවෙන් බේරාගන්න පුළුවන් නේද? ක්‍රිකට් ආයතනයේ දූෂිතයින් ගැන මාධ්‍යයට ලියපු අයෙකුත් එම,ආයතනයේ රැකියා කරන බවත් ආරංචියි. ක්‍රීඩාවෙන් දේශපාලනය අයින් කරන්නේ නම් එම ක්‍රීඩාවන් දියුණු වනු ඇත.

:       0       2

wedage Friday, 20 December 2024 10:41 AM

ක්‍රීඩාවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්නේ...!

:       0       0

Lakmal Friday, 20 December 2024 01:44 PM

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ 90% ෆේල් ක්‍රීඩකයෝ හැමදාම ටීම් එකේ තියාගෙන ඉන්න නිසා. සැබෑ දක්ෂයින්ට කිසිම බලපෑමකින් තොරව අවස්ථාවක් ලැබෙන ලෙස ක්‍රමවේදයක් හදන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site