‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘ තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි. 01 May 2024
තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’ ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 01 May 2024
මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. 01 May 2024
ට්‍රම්ප් දඩ කයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය. 01 May 2024
ප්‍රේමදාස ගුණ සමරයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි. 01 May 2024
සා පෙළ ටියුෂන් තහනම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2024
මන්ත්‍රී ගයාෂාන් එජාපයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත. 01 May 2024
සිමෙන්ති මිල අඩු වෙයි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි. 01 May 2024
නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජයදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය. 01 May 2024
වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 May 2024
සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට කොළඹට නුදුරු සරසවියක සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 May 2024
අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට ‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ. 01 May 2024
අපිට නැති උන්ට ඇති කම්කරු දිනය ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති. 01 May 2024
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 01 May 2024
රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 01 May 2024
අද වහින තැන් බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 May 2024
ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. 01 May 2024
ක්‍රිකට් පිත්තකට සිසුවකු මරලා පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි. 30 April 2024
සීඅයිඩී වෙසින් කෝටි හතරක කප්පම් ඉල්ලලා රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 30 April 2024
ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ කිසිඳු පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. 30 April 2024
ඉන්ධන මිල පහළට ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත. 30 April 2024
විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නමට බාර් අරන් විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 30 April 2024
විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක් විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 30 April 2024
නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන ජාතික නාමල් උයන රැක ගැනීම සඳහා සහාය දුන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වලට සම්මාන ප්රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දි අද පස්වරු වේ පැවැත්විණි. 30 April 2024
අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය. 30 April 2024
ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන් නොහොත් ශාන් නමැත්තා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 April 2024
රටවල් 67කට නොමිලේ වීසා රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 30 April 2024
දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් අද(30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 30 April 2024
පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය. 30 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025