
(යොහාන් භාසුර)
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූවාය.
බොයොන්ග් මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ ඇමරිකාවට ස්තුති කරයිද දන්නේ නැහැ
අලුත් නමට චීනෙ ඉන්න සමහරු ආසයි වගේ. යකඩ අතකින් නිදහස් වුණාම නිදහස, ජීවිතය දැනෙනවා ඇති...!
රෝග පාලනෙත් තියනව බොලේ. වූහාන් වගේ හොඳටම කරන්න ඉගෙනගන්න අවශ්‍යයයි.
දැන් වැඩ පටන් ගන්නත් කල් හරි හැබැයි . සාකච්චාව විතරක් මදි
අපි නම් හිතුවේ මේ අය බලයට පත්වුණාම ගහලා පන්නයි කියලා. පසුගිය කාලේ කරපු විවේචන හැටියට. දැන්නම් මාර ලව් එකක් තියෙන්නේ...