
(එස් හේරත්)
යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පම්බල පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ජූඩ් නිරෝෂන් නමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ විසි හතර හැවිරිදි දියණිය තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඥාතියෙකුගේ නිවසකට ගොස් යතුරු පැදියෙන් තම දියණියද සමඟ ඊයේ(17)පස්වරුවේ ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මහ වැව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට පත් වෑන් රථය එක්තරා රාජ්‍ය සංස්ථාවකට අයත් වෑන් රථයක් බවද පොලිසිය පවසයි.
රථයේ රියදුරට නින්ද යාමත් සමග මෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියද යට කරගෙන ගොස් මාර්ගයේ ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක හැපී නැවතී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝචනීයයි .ඔබට නිවන් සුව