
(එස් හේරත්)
යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පියා මරණයට පත්වී දියණිය රෝහල් ගත කර ඇතැයි තොඩුවාව පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පම්බල පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ජූඩ් නිරෝෂන් නමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අයගේ විසි හතර හැවිරිදි දියණිය තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඥාතියෙකුගේ නිවසකට ගොස් යතුරු පැදියෙන් තම දියණියද සමඟ ඊයේ(17)පස්වරුවේ ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මහ වැව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට පත් වෑන් රථය එක්තරා රාජ්‍ය සංස්ථාවකට අයත් වෑන් රථයක් බවද පොලිසිය පවසයි.
රථයේ රියදුරට නින්ද යාමත් සමග මෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියද යට කරගෙන ගොස් මාර්ගයේ ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක හැපී නැවතී ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් පියා මරුට දියණිය රෝහලේ
Channa Wednesday, 18 December 2024 11:03 AM
සෝචනීයයි .ඔබට නිවන් සුව