
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
විදේශ ගතව සිටින තවත් ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කොහෙද
ජාතික ආරක්ෂාව තහවුරුයි