
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.
අද( 18 ) උදෑසන මරදගහමුල සහල්තොග වෙළඳ සල් වලින් විවෘතව පැවතියේ තුන හතරක් පමණි.
කීරී සම්බා , කැකුළු සම්බා වැනි වර්ග පමණක් විවෘතව පැවති වෙළඳ වෙළඳ සල් වල දැකිය හැකි විය .
නාඩු සහ සුදු කැකුළු වෙළඳපළේ දක්නට නොමැති විය . ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඔවුන්ගේ මරදග හමුල ප්‍රදේශයේ පිහිටි මෝල් වල තිබූ වී සහල් බවට පත්කොට වෙළඳපොළට නිකුත් කොට අවසාන බවයි.
ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීම සඳහා සහල් නොමැති වීමෙන් වෙළෙඳසල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ .
දිවයිනේ වෙනත් ප්‍රදේශ වල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්වරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැතිබවද ඔවුහු කීහ
මරදගහ මුල නගරයේ සිල්ලර වෙළඳසැල්වලත් හාල් තියෙන්නේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ .
පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කරන්න වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150ක් විතර වෙන එබැවින් එම මිලට වී ලබාගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබාදීම ප්‍රශ්නයක්ව ඇතැයි ද ඔවුහු කීහ .
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදගහමුල හාල්පොල පාළුවට