
(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙ දෙයිය ගෙදර ආවා! තුනුරුවන්ගෙ පිහිටයි. රත්නත්තරේ සරණයි. තිස්තුං කෝටියක් දෙයි පිහිටයි.
මෙහෙම දැක්කට අත දෙන්න එපා. හිනා වුනාම ඇති.
අපේ රටේ හිටපු අනෙකුත් සියලුම ජනාධිපතිවරුන් ඉන්දීය සංචාරයේදී තිරුපති කෝවිල වන්දනා කරන්න ගියත්, අනුර කුමාර එහි ගිය බවක් පෙනෙන්නට තිබුනේ නෑ.... මාධ්‍ය වලට එම පුවත අමතක වෙලාද කියා දැනගන්නයි මේ ලියන්නේ....
ඒ දෙයියා මේ පාර සපෝට් කෙරුවේ වෙන පක්ෂෙකට. ඒක වෙන්න ඇති හේතුව...
පළමුවෙන්ම වඳුරු හමුදා ආචාර පිළිගත් ඔබතුමා උත්තරීතර ශ්‍රී ලාංකික හමුදා උත්තමාචාරය ලැබුවේ නැත්තේ මන්ද...?