තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ මව, පියා, බාප්පා සහ ඇතුළු හය දෙනෙක් ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතූර් මහේස්ත්රාත් තස්ලිම් මොහොමඩ් පව්සාන් මහත්මිය නියම කළාය.