වෘත්තීය සමිති 200ක් දින දෙකක් ලෙඩ වෙයි
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් හෙට (8) සහ අනිද්දා (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ