ධුර කාල අවුල ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 July 2024
දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවගේ උත්සාහය වරදී තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක් පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ. 10 July 2024
හොරෙන් ඕස්ට්‍රියාවට යන්න ගිහින් මාට්ටු අන්සතු මැලේසියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 July 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 July 2024
දුම්රිය සේවා අඩපණ වෙයි :මගීහු මහ මඟ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනයෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත් වූහ. 10 July 2024
කොලොන්නේ වෙඩි තැබීමක්:අයෙක් මරුට කොළොන්න උල්ලිදුවාව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොළොන්න පොලීසිය පැවසීය. 09 July 2024
ගුවන් අනතුරු දෙකකට බෝයිං සමාගම වරද පිළිගනී මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019 වසරවලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 July 2024
මහින්දානන්දගේ කැරම්බෝඩි නඩු තීරණය අනිද්දා ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය 11 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 09 July 2024
තැපැල් වර්ජනයෙන් තැපෑල හිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. 09 July 2024
වැඩ වරන දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකවරු ගෙදර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී හෙට (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි. 09 July 2024
නීතිපති පත්වීම ගැන ජනපති ලේකම්ගෙන් නීති සංගමයට ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ. 09 July 2024
ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි. 09 July 2024
අද රෑ නවතින දුම්රිය ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 July 2024
විදුලි සංදේශ(සංශෝධන) පනත අවිවාදයෙන් සම්මත වෙයි ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන පාර්ලිමේන්තුවේදී අද(09)දා පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 09 July 2024
වැඩ වර්ජනය නොකළ නිලධාරීන්ට වැටුප් වර්ධක-උසස්වීම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 09 July 2024
තහනම් මූල්‍ය ආයතන දෙකක පුද්ගලයින් අත්අඩංගුවට ගන්න නියෝග රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි කියන ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය තහනම් කිරීමෙන් පසුව ’’සයිබර් එරර්’’ හා ’’කොයින අයි. එම්’’ නමින් පිරමීඩාකාර මූල්‍ය ආයතන දෙකක් ආරම්භ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට නියෝග නියෝග කරමින් දන්වා සිටියේය. 09 July 2024
වතු කම්කරුවෝ 1700 ඉල්ලා කොළඹ විරෝධයේ ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වූහ. 09 July 2024
අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 09 July 2024
‘ක්ලබ් වසන්තගේ‘ ඇඟේ උණ්ඩ අටක් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. 09 July 2024
අයිතිකරුට හොරොන් වෙනත් ගිණුමකට මුදල් මාරු කළ ස.බැංකු කළමනාකරු මාට්ටු ගිණුම් හිමිකරුගේ අනු දැනුමකින් තොරව කෝටි දෙකක මුදලක් වෙනත් ගිණුමකට බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 09 July 2024
වැරදි අංක පෙන්වා මණ්ඩලේ ජනතාවගෙන් 15000ක් උදුරාගෙන වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය . 09 July 2024
නිතී විරෝධිව ගෙන ආ බිඩී කොළ සමඟ තිදෙනෙක් අල්ලයි මන්නාරම වංකාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2888 ක තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු අද(9) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 09 July 2024
කෝටියක ‘අයිස් ‘ සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක මුදල් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කොටහේන සුපිරි වෙළද සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 09 July 2024
ජංගම දුරකතන හබේට අයෙක්ට පිහියෙන් ඇන මැරූ තිදෙනා මාට්ටු ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි. 09 July 2024
අස්වැසුම දෙවන සංගණනට දින දෙයි “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. 09 July 2024
’’අංගොඩ’’කතාවකට පාර්ලිමේන්තුවේ හබයක් නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 09 July 2024
නිතී විරෝධිව ගෙන ආ උරගයින්-පක්ෂින් සමඟ පහක් අල්ලයි මිගමුව හා කොච්චිකඩේ ධීවරයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් විශාල පිරිසක් නාවික හමුදා බුද්ධී තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාව බාරයට ගැනිමට සමත් ව තිබේ. 09 July 2024
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’ අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න වැඩසටහන සමඟ 2022 නොවැම්බර් 18 වන දින සම්බන්ධ වී අදහස් බෙදා ගත්තේය. 09 July 2024
‘ජනපති බලන්නේ ඔරුවෙ මොන පැත්ත පෙලුනත් ගොඩ යන්න‘ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 July 2024
ගුරු හිඟය ඇති වුනේ උසාවි ගිය අය නිසයි උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025