IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිරුගෙන් විදුලිය ගන්න සියඹලාණ්ඩුවෙන් ඉඩමක්

(අංජුල මහික වීරරත්න)

සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

වසර 2030 වන විට රටේ විදුලි බල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සුර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත. 

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233 ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ. 

යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233 ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (6)

හිරුගෙන් විදුලිය ගන්න සියඹලාණ්ඩුවෙන් ඉඩමක්

Mahajanathawa Tuesday, 04 March 2025 12:18 PM

නියම වැඩක්

:       0       17

රම්බොඩ Tuesday, 04 March 2025 12:19 PM

පොළොව වගාවන් සඳහා භාවිතා කරමින්ම මදක් ඉහළින් හදාගත් අට්ටාලයක මෙම ව්‍යාපෘතිය කළ නොහැකිදැයි ප්‍රශ්නයක් මතු වන්නේ එහි තාක්ෂණික පැත්ත හරියටම නොදන්නා බැවිනි.

:       1       7

SamanthaaTuesday, 04 March 2025 02:03 PM

රම්බොඩ කියන්නා සේ කොළඹ ආශ්‍රිත අධිවේගී මාර්ගයට ඉහළින් ඔය ව්‍යාපෘතියක් කොරන්න බැරියැ

:       1       8

පැරකුම්Tuesday, 04 March 2025 02:17 PM

අදහස කාලෝචිතයි. නමුත් සූර්ය පැනල යට සෙවනේ වැවිය හැකි වගාව කුමක්ද?

:       0       2

Dahamsi Tuesday, 04 March 2025 03:53 PM

අලි ඇතුන් ඉන්න ප්‍රෙද්ශයක්. පරිසරික ඇගැයීම කෝ? දැනටත් ඒ පැත්තේ අලින්ට ඉන්න හිටින්න තැනක් නෑ... ඒ නිසා ගම් වදිනවා.

:       1       2

Rata Perata Wednesday, 05 March 2025 01:09 PM

ඉතාම හොඳ කාලෝචිත වැඩක්. දවස් 365 ම හිරු එළිය තියෙන අපේ වගේ රටක මේවා කරන්න මෙච්චර කල් ගිය එක තමයි පුදුමේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site