IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුනෙස්කෝ සම්මුතියකට ලංකාවේ අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යුනෙස්කෝ සංවිධානය විසින් සාමාජික රාජ්‍යයන්හි නිර්මාණය කරනු ලබන සංස්කෘතික ප්‍රකාශන වල විවිධත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය අරමුණු කොට ගත් සම්මුතියක් 2005-10-20 දින සම්මත කර ඇති අතර, එම සම්මුතිය 2007-03-10 දින සිට බලාත්මක වී තිබේ. 

එම සම්මුතිය මේ වන විට සාමාජික රාජ්‍යයන් 156 ක් විසින් අපරානුමත කර ඇත. එකී සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා 2024-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එම සම්මුතිය අපරානුමත කර නොමැත. 

ඒ අනුව, සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය අපේක්ෂාවෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

යුනෙස්කෝ සම්මුතියකට ලංකාවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site