
(යොහාන් භාසුර)
අලි ගැටෙන මඩකළපුව මාර්ගයේ දුම්රිය කාලසටහන ලබන 7 වැනි දා සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.00 ට මඩකළපුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 7 වැනිදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 11.00 ට ධාවනය ආරම්භ කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රියේ වන අලි ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාලීම උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව මඩකළපු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හා මේ දක්වා එම මාර්ගයේ ධාවනය වූ එංජින් සහිත මැදිරි වෙනුවට දුම්රිය බලවේග කට්ටල ධාවනයට කිරීමට සූදානම් කර ඇති බවත් සංශෝධන කල දුම්රිය කාල සටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අතිසාරේට කරපු මොකද්ද වැඩක් වගේද? ඇහ කන පේන ඇසෙන තරුණ වයසක ඉන්න රියදුරු මහතුන්ව ඔය පාරට යෙදෙව්වා නම් තමයි හොඳ.
ලංකාවෙ අලි දැන් පාර පනින්නෙ කෝල් කරල අහලයි.