
( නිමල් ජයරත්න )
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කරයි.
සෝමාවතී වනෝද්‍යානයේ සිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට මාරුවෙමින් සිටි වන අලියෙකු මෙලෙස දුම්රියට ගැටී ඇති අතර වන අලියා අවුරුදු විසිපහක් පමණ වයස පිරිමි සතෙකු බව මනම්පිටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ආර්.ආර් ශාන්ත මහතා සඳහන් කළේය.
අසාධ්‍ය තත්ත්වයේ පවතින වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවෙමින් පවතිනද මනම්පිටිය වනජීවි නිලධාරීන් සඳහන් කරයි.
වන අලි මාරු වන ස්ථානයේම මෙම අලියා දුම්රියේ ගැටී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මනම්පිටිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් සිදුකරයි. වන අලියා දුම්රියට ගැටීමෙන් මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර මෙම අනතුරෙන් දුම්රිය සිල්පර කොට කීපයකට හානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොනවා, නිදාගන්නවා, දුම්රිය පදිනවා අලි මරනවා
කැමරාව තිබුණේ නැද්ද මේ දුම්රිය එන්ජිමේ
මේ කොච්චි වලට බැරිද ඔය රියදුරන් වෙනුවට ඔටෝ එන්ජින් ඩ්රයිවර් දාලා යන්න.
කෝ ආණ්ඩුව හදනකාලේ කිවූ වගවීම? සතියකට කලින් අලි 7ක් ඝාතනය කළා, දැන් තව එකෙක්. පරිසර ඇමති කෝ, ප්‍රවාහන ඇමති කෝ? මොනවද විසඳුම්?
මේ පාරට කලින් අවිස්සාවේල්ලට ගිය පුංචි කෝච්චිය දාන්න. අලින්ට හානියක් නෑ ඒකෙන්.
බොනවා... මුන් එන්ජින් එකේ ඉඳන් බොන එක තමයි කරන්නේ ලේ සහ මුත්‍රා පරික්ෂා කෙරුවනම් බඩු මාට්ටු
රියදුරන් බීමත්ව රාජකාරි කරන බවට තොරතුරු ඔවුන්ගේනම් ලැබිලා තියෙනවා
මොන අපරාදයක්ද මේ ? වගකියවයුත්තෝ නිදිද ?