
(යොහාන් භාසුර)
ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කුමන ප්‍රකාශ කළ අද (4) රාත්‍රී වන විට පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා අද (3) පෙරවරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති තත්වයට මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් භාරදීමෙන් පසුව කුසුම් සන්දනායක මහතා එසේ පැවසීය.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් 200 ක පමණ පිරිසක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට අසළට අද පෙරවරුවේ පැමිණි අතර එහිදී ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙක් වන ධර්මසිරි ගමගේ මහතා ලේකම් කාර්යාලයෙන් පිටත පැමිණ ලිපිය භාරගත්තේය.
ජනාධිපතිතුමා බෙදුම්කරුවන් පිළිබඳව අවදානය යොමු කර බෙදුම්කරුවන්ගෙන් වරදක් වී තිබේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එසේ නොවේ නම් බෙදුම්කරුවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
ඉන්ධන බෙදුම්කරුවන් ආණ්ඩුව හෝ ජනතාව හෝ අපහසුතාවට පත්කිරීමට ක්‍රියාකරන කොටසක් නොවන බව කී කුසුම් සන්දනායක මහතා ඉන්ධන පිරවුම්හල් 1400 ක් පමණ නියෝජනය කරන එම සංගමයේ සාමාජිකයන් දේශපාලනයෙන් තොරව ව්‍යාපාර කරන පිරිසක් බව ද සඳහන් කළේය.
ජනාධිපතිතුමා මෙම ගැටලුව විසඳීමට කමිටුවක් පත්කර සාධාරණ විසඳුමක් දෙනුඇතැයි විශ්වාස කරන බවත් සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් මෙම ව්‍යාපාරය අතහැර දැමීමට සිදුවන බවත් කීය.
ඉන්ධන පිරවුම්හල් සේවා මුර දෙකක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් වීම නිසා ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ්පත් ගණුදෙනු සහ රාත්‍රී සේවාවන් අත්හිටුවීමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කරන්න. මේ අය රටේ අවාසනාවට ඉපදුණු මිනිස්සු. මොවුන් රාජපක්ෂලාගේ කජු සීයාගේ සහ පුත්තානෝගේ 3 වැනි පන්තියේ හෙංචයියන්ය. අපි සියලු ආකාරයේ සංවිධානාත්මක මාෆියා අවසන් කළ යුතුයි. ඉතා දැඩි විය යුතුය.
අසාධාරණ පිරවුම්හල් හිමියන්ගේ ගෙරවීම් වලට ආණ්ඩුව කිසිසේත් යටවිය යුතු නැහ. ජනතාවගේ බදුමුදල් අසාධාරණ ලෙස මොවුන්ට ලබා නොදිය යුතුයි. ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් කර රජයට පවරාගෙන්න. වාහාම මොවුන්ගේ බලපත් අහෝසි කරන්න. ඉන්ධන බෙදාහැරීමට සූදානම් ව්‍යාපාරියන් තව ඕනෑතරම් ඉන්නවා.
මේ කරන්නේ උසාවියට සහ රජයට කරන තීරණයක් රජය 2/3 වැඩ බලයක් ලබාදුන් ජනතාව රැක ගත යුතුයි
ඉතින් ව්‍යාපාරය අත ඇරලා දාපල්ලකෝ...
ඉන්ධන ඇනවුම් කරන්නේ නැතිනම් ඒ ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන්නයි තියෙන්නේ, මාධ්‍යට ඇවිල්ලා මුන් බොරුවට බිරුවට එකෙක්ට හොරෙන් අනිත් එකා ඇනවුම දාලයි තියෙන්නේ
ඒ මිනිස්සු ඔය ව්‍යාපාර පටං ගත්තේ ඔහේලගේ සල්ලිවලිං නෙවෙයිනේ..එයාලා සිපෙට්කෝට බම්බු ගහගන්න කියලා සයිනොපෙක් තෙල් ගනීවි... එතකොට ආණ්ඩුවට පාන්ඩුව තමයි
මට නම් හිතෙන්නේම සිපෙට්කෝ එක කම්බස්ථාන කරන්න සිපෙට්කෝ එකෙන්ම කරපු වැඩක් කියලයි.. බෙදුම්කරුවන් සිපෙට්කෝ අතහැරියාම අනිත් කොම්පැනි තෙල් බෙදාවි රටටම. ඊළඟට සිපෙට්කෝ එක ඔය කාටහරිම දේවි ප්‍රතිවිවුහගතකරනවා හරි මොකක්හරි අලුත් වචනයක් දාලා. ඕනෑම නම් IMF කිව්වා කියන්නත් පුළුවන්... රටට හොඳක් වෙනවා නම් කව්රු තෙල් බෙදුවත් කමක් නැහැ. හැබැයි ජාතික බලශක්ති සුරක්ෂිත භාවය නම් වලේ තමයි...
සිංගප්පූරුවේ චීනයේ වගේ නම් ඉන්ධන බෙදුම්කරුවන්ගේ බලපත්‍රය අහෝසි කරනවා වගේම අවුරුදු 20-30ක් හිරේට නියම කරනවා.
රියන්ත, හරි, එහෙම කරන්න කියන්නකො බලන්න මොකක්ද වෙන්නෙ කියල!
අනේ ඉංදික, ඔයාගෙ මොල් තරම. එහෙම අවලංගු කලාම මොකාගෙ තෙල ගහලවත් ඒ පිරවුම් හල පවත්වාගෙන යන්න බැරි බවත් තේරෙන්නෙ නැද්ද?