IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

(නිමල කොඩිතුවක්කු)

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියාට පොහොර සහනාධාරය හෝ වී සඳහා ප්‍රමාණවත් සහතික මිළක් හෝ නොලැබෙන බවත් රාජ්‍ය සේවකවයාට පොරොන්දු වූ වැටුප් වර්ධක හිමිව නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ගොවියාට නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය.

වගා හානී වන්දිි පවා නොලැබ ඇති බැවින් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.

ගොවියන්ට රාජ්‍ය සේවකයන්ට බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය පැමිණ ඇති බවත් ගොවියා අනාථ කල මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

 



අදහස් (17)

විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

ravin Sunday, 02 March 2025 05:48 PM

නරිවාදන් ඔන්න අද සති අන්ත ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය තුළින් දැක්කා. මෙයාගේ මූල්‍ය කෙරුවාවල්... 2016 සිට සමහර ආයතනවල මූල්‍ය ාර්තා පලකර නැහැලු..රට පාලනය කරන්න ඉස්සෙල්ලා ගෙදර කුස්සියේ පාලනය වත් ඉගෙන ගත්තොත් නරකද?

:       5       73

Mahajanathawa Sunday, 02 March 2025 05:55 PM

ඔබගේ කරුණාවට ස්තූතියි, නමුත් අතීතයට සාපේක්ෂව අපි වඩාත් සුවපහසු ස්ථානයක සිටින බව අපට හැඟේ...!

:       7       89

පිටරටවැසියා Sunday, 02 March 2025 06:03 PM

තාම පාඩමක් ඉගෙනගෙන නෑ වගේ? අර හාල් මුදලාලිගෙන් ගත්තු කෝටි 5000න් ගොවියාට සහනාධාරයක් දුන්නොත් හොඳ නැද්ද? හාල් මුදලාලිත් ගොවියාගෙනුයි, පාරිභෝගිකයාගෙනුයි කඩා-වඩා ගත්තු සල්ලිනේ. සල්ලි සල්ලී, හාල් මුදලාලිගේ මල්ලී...

:       5       68

අරවින්ද මොණරවිල Sunday, 02 March 2025 06:09 PM

තමන් කියන්නේ මොකක්ද? කිව යුත්තේ මොනවාද නොදන්න අවාසනාවන්ත විපක්ෂ නායක, තාත්තාගේ නම නැතිනම් ප්‍රාදේශීය සභාවටකටවත් මෙයා තේරෙන එකක් නැහැ...!

:       3       58

ගමේ එකාලා Sunday, 02 March 2025 06:16 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරුව ඉන්නේ, බලයේ හිටපු කාලේ මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කෑවා. කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරේ කෙරුවේ.. තමුන්ට බලයට එන්න බැරි වුනාට කියන කතා, හැමදාම විපක්ෂ නායකයා තමයි?

:       3       53

ලූට මූස් Sunday, 02 March 2025 08:39 PM

ඔහෙලාගේ කාලේ කොලැයි..?

:       2       55

පුරවැසියන් Sunday, 02 March 2025 08:50 PM

මෙයා නිදාගෙන ඉඳලා නැගිට්ටාම උතුර දකුණ මාරුවෙලා වගේ. ඉදිරි මැතිවරණයේ කාලය එනකොට ගොඩක් මෙයා අඳුරන අය ඇතුළේ. නංගිගේ හොර සල්ලි වැඩේ ඇද්දොත් හරි මෙයාගේ නිවාස අධිකාරියේ වංචා එක ඇද්දොත් හරි මෙයාත් ඉවරයි. බොරු කරේ කවුද කියලා මිනිසුන් දැන් දන්නවා.

:       4       63

පැරකුම්Monday, 03 March 2025 05:06 AM

“ඇද්දොත්” කියල මදි අදින්න ඕන. එදාට මිනිස්සු දැනගනීවි මෙයා කවුද කියල.

:       0       9

Jagath Sunday, 02 March 2025 09:48 PM

අපේ රටේ හොඳ බුද්ධිමත් සාමාජිකයන් සිටින විපක්ෂයක් සහා බුද්ධිමත්, අවංක විපක්ෂ නායකයෙක් නැති එක ගැන ඉතාමත්ම කණගාටුයි වගේම එය ලොකු අඩුපාඩුවක්.

:       0       8

චතුරි Monday, 03 March 2025 01:33 AM

අනුර ජානාදිපති ඇතුලු සැවොම හිතන් හිටියේ මහ බැංකුවේ මුදල් ජනතාවගේ බදු මුදල් ආයතන මුදල් ආදායම් මේ සේරම තියෙනවා. ඒනිසා මේවා දෙන්න ඕන ජනතාවට කියලා. වේදිකාවේ කිව්වා තමයි. දිව් රුම් දීලා ආදායම් පොත් පෙරලනකොටයි දන්නෙ තමුන් ඇතුලු හොර නඩේ ජයටම හොරා කාලා ඒ ස්සේරම දැන් පුවත් පත්වල පලවෙන්නෙ තමුන් ඒවා බැලුවෙනැත්ද. කුමරට මහින්දට රනිල්ට වගේ හොරාකාපු බූදල් නැහැ දෙන්න. අයවැයටත් තියෙන විදියට රට ඔලුව උස්සන විදියට ටික ටික දෙන්න හදලා පෙන්නලා තියෙන්නෙ. උබලගේ අයවැය. උබල්ගෙ බිල් ජනතාව ගෙවන විදියට හදලා පෙන්නුවේ. කිසිම ගොවියෙක් අසරන වෙලා නැහැ දැන් තමයි කට්ටියට පෙන්නෙ ජනතාවට සලකලා නැහැ කියන්න. කිසිම දේකින් අඩු නැහැ ජනතාව සතුටුයි. නාකි නඩේ බලන්නෙ කොයි වේලේ බොරුකියලා මේ ආන්ඩුව පෙරලම්දෝ කියලා. ඔයතරම් හොදට ජනතාවට සැලකුවානම් පරදින්නේ කොහොමද? දැන් උඹලට වැලේ වැල් නැහැ. කිසිම සැපක් නැහැ නේද. රනිල්ල්ට කියලා වැඩකුත් නැහැ. අනුරට කොහොමත් කියන්න බැහැ. දත් මිටි කාගන කල්ප ගානක් ඉන්න වෙනවා ඒජන්සියකට ගිහින් පිටරටක රැකියාවක් ඉල්ලුම් කරන්න. මරලතෝනි දුන්නට වැඩක් නැහැ. දුක විතරයි

:       1       9

සෙනෙවිරත්න Monday, 03 March 2025 06:22 AM

ගොවිජනතාව දන්නව කලින් සහ අද වෙනස, ඒ වගේම තමුන්ගෙ යාලුවො කරල බාරදුන්න රටේ තත්වය,ගොවියො තමුන් වගේ, නැත්නම් පොඩි ළමයි වගේ හඳ ඉල්ලන්නෙ නැහැ, තැන්තැන්වල ගිහින් මිනිස්සු අවුස්සන්න හැදුවට ඕක හරියන්නෙ නැහැ, ජනතාව දන්නවා අද රටේ පෙනෙන වෙනසක් වෙච්ච බව, ඒකට කැමතියි ,

:       0       9

C.K.Lankaputhra Monday, 03 March 2025 06:38 AM

ගොවි ජනතාවයි රාජ්‍ය සේවකයායි මෙතුමාගේ වැදි බණ වලට රැවටුනොත් පාලාත් පාලන ඡන්දෙන් මෙතුමාගේ පක්ෂය දිනන්න ඕන. බලමු එහෙම වෙයිද කියල.

:       0       11

රුවන් Monday, 03 March 2025 07:37 AM

නිකමට හිතමු සජිත් ජනපති නම් මේ මාස ගානට ලංකාව සෝමාලියාව වගේ දියුණු කරයි නේද. බොහෝ දුරට මම මැරිලා මන්දපෝෂණය හැදිලාම.

:       0       14

rs Monday, 03 March 2025 07:56 AM

ගොවියා රාජ්‍ය සේවකයා සතුටින් ඉන්නේ ඔය කියන දේවල් අහන්නේ නැ නිකන් ෆෝම් කරාට වැඩක් නෑ

:       1       14

saman Monday, 03 March 2025 08:17 AM

ඉතාම ලාභදායි දේශපාලන උපක්‍රම වෙත සජිත් මහතා යොමුවී ඇත. ඇත්ත යථාර්තය නිවැරදි ක්‍රියාමාර්ග අවබෝධ වුවද මිනිසුන් රවටන දේශපාලනයක හෙතෙම නිරත වේ.

:       1       16

රනේ Monday, 03 March 2025 08:58 AM

ඉල්ලන් කන්න වගේ යන්නේ..

:       1       16

රුවන් Monday, 03 March 2025 06:11 PM

තමන්ගේ බිරිද බලෙන් අල්ලන් ඉන්න ගොඩනැගිල්ල අයිතිකාරයාට දුන්නොත් නරක ද? ආණ්ඩුව හදන්න කලින් බිරිඳගේ හොර වැඩ ටික හදන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1156 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 684 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 410 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 376 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 965 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 441 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 259 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site