තාරක - මෝදි හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී අද සිදුවිය. 12 July 2024
කතරගම පුද බිමේ සොරුන් වැඩිවෙලා කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ගේ දේපළ සොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට දැඩි වෙහෙසක් දැරිමට සිදුව ඇතැයි බැතිමත්හු පවසති. 12 July 2024
ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූ රැජිණ මොරොක්කෝවෙන් ලොව ප්‍රථම මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත. 12 July 2024
පියුමිගේ පෙත්සමට දින දෙයි කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් ගොනුකුල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනි දින කැඳවන ලෙසට අභියාචනාධිකරණ දින නියම කර ඇත. 12 July 2024
ශක්තිමත් ආර්ථිකය හදන මූලික පදනම දමා අවසන් අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 July 2024
‘‘වැඩිය දඟලන්න එපා‘‘ බූස්ස ලොක්කාට ඩුබායිවලින් ඇමතුමක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර කොමසාරිස් , මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි දිසානායක මහතා පැවසීය. 12 July 2024
බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක් වාර්ෂික බන්ධනාගාර දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනි දින සළන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 12 July 2024
සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා සුරා බදු අධ්යක්ෂ ජනරාල් වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතත් ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටීම මගහැර ඇතැයි කියති. 12 July 2024
මාර්ගගත වීසා ක්රමයේ අඩුපාඩු රැසක් ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හොඳම වටිනාමක ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මතව බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (12) පැවසීය. 12 July 2024
සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක් ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය. 12 July 2024
නීතිපති දිවුරුම් දෙයි නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 12 July 2024
ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 July 2024
ඉසෙඩ් ලකුණට රස්සා රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 July 2024
සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්? සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබේ. 12 July 2024
ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය. 12 July 2024
රෑ අට වෙද්දි බයිඩන් නිදා ගන්නවා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්රතිමවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. 12 July 2024
කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සම අයිතිය කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 July 2024
රජයේ පොහොර සමාගම් දෙක එකක් වෙයි රජයේ පොහොර සමාගම් දෙක වූ කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් අද (12) සිට State Fertilizer නාමය යටතේ ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත. 12 July 2024
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි නේපාලයේ මගී බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප දෙනකු ද සිටින බව පැවැසෙයි. 12 July 2024
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය. 12 July 2024
ශ්‍රී ලංකාව තවමත් සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් බව සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 12 July 2024
ලංකා-රුමේනියා යාලු කම වැඩි වෙයි ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අධ්‍යාපන, විද්‍යා, සංස්කෘතික, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර වල සහයෝගිතා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර ඇත. 12 July 2024
බිත්තර වැට් බද්ද ඉහල දාන කතාව බොරු ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත් මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධව අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 12 July 2024
ඇමැති විජයදාසගෙන් පොලිස් ලොක්කෙකුට චෝදනාවක් ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවකු මාධ්‍ය ඉදිරියේ විවෘත කරගෙන ප්‍රශ්න අහපු නිලධාරීන් නීතිය රැහැනට ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 July 2024
කොලොන්න ඝාතනය කොන්ත්‍රාත්තුවක් අපරාධ කල්ලි නායකයකු වන රොටුබ අමිලගේ ලොකු අම්මාට දත් කැඩෙන්න පහර දුන් බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන් කොලොන්න වතු හිමියා රුපියල් ලක්ෂ හතරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 12 July 2024
පෙරවරුවේ කාර්යාල දුම්රිය 9 ක් අවලංගුයි අද (12) පෙරවරුවේ ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය නවයක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 12 July 2024
යූලියා නෙවල්නායා ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට බලාධාරීහු කටයුතු කළහ. 12 July 2024
නගර සභා ගලි බවුසරයට දෙදෙනක් යට වෙති නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 12 July 2024
තේවතු හිමියාගේ ඝාතනයට දෙන්නෙක් අත්අඩංගුවට කොලොන්න තේවතු හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 July 2024
අපරාධවලට සම්බන්ධ දෙදෙනෙක් ඩුබායි සිට කටුනායකට මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාද සිදු කර පළාගොස් ඩුබායි හි සැඟවී සිටි අපරාදකරුවන් බව කියන දෙදෙනකු එරට දී අත්අඩංගුවට මීට සුළු මොහොතකට පෙර කටුනායක රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025