මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා මාට්ටු
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු අද(14 ) මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .