
(ගයාන් සූරියආරච්චි)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් අපේ සීයට කියලා සිංගප්පුරුවේ මගුල් ගෙදරකවත් ගියාද?
හොඳම වැඩේ පාතාලේ මර්ධනය කරන්න වලි කෑවට. පාතාලේ මේ වගේ හුරතල් කර කර හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ. යුද්ධෙ ඉවර කරොත් පෙන්ශන් ගිහිල්ල ඉන්නකොට ආරක්ශාව අයින් කරලා ගෙදරිනුත් පන්නනවා. නිකන් නෙමේ පන්නන්නේ, අම්ම තාත්තගෙ සොහොනත් පුච්චලා බල්ලොන්ට වගේ ගහල පන්නන්නේ. පුලුවන් උනා නම් මරලත් දානවා. පාතාලෙ මර්ධනය කරොත් අත් අඩංගුවට ගන්නවා. එහෙම තමයි ලංකාවේ කලගුණ සලකන්නේ.
මෙයා මේ වන විටත් රටින් මාරුවෙලා ගිහින්ද , නැත්නම් එලොව ගිහින්ද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි !!! මහින්ද රාජපක්ෂ (මයිනා) ගෙ අතිජාත කෙන්ද්‍රකාර ගාල්ලේ සුමණදාස ගුරුන්නාන්සේගෙන් වත් අහල බලන්න, හිටපු පොලිස්පති දෙශබන්දු තෙන්නකෝන් ගෙ ඉරණම පිළිබඳව !!!!!
ගමේ වැරද්දක් කරපු කෙනෙකුට සලකන ක්‍රමයයි ලොක්කන්ට සලකන ක්‍රමයයි එදත් අදත් වෙනස් වෙලා නෑ
එහෙම කිව්වට ඒක කෙරෙන්නේ නෑ.
හරි ඉතින් කියව කියවා ඉන්න දෙයක් නැහැ... කරන්නකෝ...! කතා අඩුවෙන් වැඩ වැඩියෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ, 2/3ක් ලැබිලා තියන නිසා නීතියේ තියන හිල් ටික වහලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න...