පොදුසමා කාලයේදී ශ්‍රී ලාංකිකයින් 10,615ක් කුවේටයෙන් පිට වෙලා
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට , එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා ලබා දී තිබූ ’’ පොදු සමා කාළය ’’ භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර යි.