
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.
තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .
ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරිංග යොදා තිබූ ආර්ථිකයට අයවැයෙන් නිදහසක් දුන්නා
Aslam Tuesday, 11 March 2025 12:06 PM
මෙම අයවැයෙන් පහළ මධ්‍යම පාන්තික ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැත.
fairoos Tuesday, 11 March 2025 12:23 PM
ජයවේවා... නාස්තිය සහ හොරකම් නැතිකරපු එකම රටට සහනයක්... ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ටිකක් කල්යයි
ගුණරත්න Tuesday, 11 March 2025 01:15 PM
සෑර් අපි නං දන්නේ නැහැ මොනවද ඔය තිරිංග කියලා, ඔය ලස්සන වචන දැම්මට හරයක් නැති නිකම් නිකම් කතාවක් කියල අපිට තේරෙන්නේ.
sene Tuesday, 11 March 2025 05:41 PM
ගුනරත්න මොවුන්ගෙන් සෑම දේම වචනවලට පමනක් සීමා වුන දේ බව මට පමන්ම නොව ඔබටත් තේරි ඇත. ඔබට මල් මිටක්.
Neel Tuesday, 11 March 2025 09:05 PM
කීයන දේවල් තේරුම්ගන්න සාමාන්‍ය ජනතාවට පුලුවන් නමූත් බත් කන හරකුන්ට ගොඩක් අමාරුයි...