IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු පළාත් සභා මන්ත්‍රී‌ගේ ඉඩමෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවේ

(ගයාන් සූරියආරච්චි, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් අත්තනගල්ලේ පොල් ඉඩමක සගවා තිබූ ටී 56 ගිනි අවියක් මැගසින් දෙකක්ද උණ්ඩ 130, බෝර 12 ගිනි අවියක්, එම උන්ඩ 6 ක් වළ දමා තිබියදී එම අවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හිටපු ජනපතිනියකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර් ම රත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (1)

හිටපු පළාත් සභා මන්ත්‍රී‌ගේ ඉඩමෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවේ

සුධීර Tuesday, 11 March 2025 04:59 PM

සිරිවර්ධන නමින් ඉන්න කෙනාත් හිටපු පලාත් සභා මන්ත්‍රී කෙනෙක්. ඔහුත් මනුෂ්‍ය ඝාතනයක් කරපු කෙනෙක්. එයාත් හිටපු ජනාධිපතිනියකගේ එහෙය්යෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 442 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site