
(අංජුල මහික වීරරත්න)
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුවරුන් ලෙස කටයුතු කළ ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, සහ ඒ.ප්‍රේමශංකර් මහත්වරුන් අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද දිවුරුම් දීමෙි අවස්ථාවට එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම පුරවැරිසියෙක් අධිකරණයට යන්නේ ලොකු සහනයක් පතාගෙන. බොරුවට පැමිණිල්ලක් ගොනු කරන්නේ නැහැ. මමත් එහෙම කෙනෙක්. මම ගොනුකළ නඩුවෙන් දිනුවා. නමුත් වග උත්තරකරුවන් වූ දකුණු පළාත් සභාව මෙතෙක් ගරු අභියාචනාධිකරණ තීන්දුවට ගරුකර ඒ කටයුත්ත හමාර කරන්නේ නැහැ. අධිකරණයට අපහාස කරන කොට ඒ පිළිබඳ කරන්න ඕනෑ මොනවද කියලා අපි දන්නවා. ඒත් නැවත ඒ පියවර ගන්න කලින් කරන්න ඕන තව තව පොඩි පොඩි දේවල් තියෙන නිසා ඒවත් කරනවා. කෙසේ වෙතත් ගරු අධිකරණයට අපහාස කරනවා නම් ඒ සඳහා හැකි උපරිම දඬුවමක් ලබා දෙන්න කියලා මම උගත් නව විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ ඉහළ නිලධාරීන් අතින් පයින් යන්නේ නැති නිසා පුළුවන් තරම් නඩු පටලබා ගන්නවා. එහෙම අයට පුද්ගලිකව දඬුවම් කරන්න විදියක් තියෙනවා නම් හොඳයි. ඒ වරද කරපු අවස්ථාවේ ඉන්න අය අල්ලා ගන්න. විශ්‍රාම ගියත් කමක් නැහැ. විශ්‍රාම යන්න ඉන්න අය වැරදි කරනවා වැඩියි. දකුණු පළාත විශේෂයි. පරිපාලන නීතිය යටතේ බැරි නමන් අපරාධ නීතිය යටතේ හෝ නිසි දඬුවම් ලබා දෙන්න.