
(අංජුල මහික වීරරත්න)
සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවකදී සාකච්ඡා විය.
බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවද සාකච්ඡා විය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11)මෙම සාකච්ඡාව පැවැත්විණි .
මත්පැන් හා දුම්කොළ කර්මාන්ත විධිමත්ව නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යානුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රමිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම සහතික කිරීම හා ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ගොල්ලන් පගාව ගන්නේ වෙනවෙනම, ඉස්සරහට මේ ගොල්ලන් ජාලගත වෙලා දෙගොල්ලම එකට සංවිධානය වෙලා පගාව ගනීවි.., ජනාධිපතිතුමා ඔය ඔක්කොම හොරු, රට හදන්න නම් ඉස්සරවෙලා රහස් කණ්ඩායමක් යොදවලා මේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයින්ගේ වත්කම්, බැරකම් සොයන්න ඕනේ, ඔවුන් මුදල් උපයාගත් ආකාරය සොයන්න ඕනේ..., එහෙම නොකර කොපමණ නීති දැම්මත්, බදු ගැහුවත් බදු අදායම් රජයට එකතු කරගන්න බැහැ... මේ ගොල්ලන් සාක්කුවේ දමා ගන්නවා..