
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ .
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවරට පැමිණ , එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා , මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය සගවා ගෙන තිබියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ ගියදා පටන් ඉගිල කුරුළු කුඩුවෙන් සංතෝෂයක් නෑ සිතේ
ගුවන් තොටුපලේ මෙහෙම අය අල්ලන එක ගැන සතුටුයි... මේ අයට උපරිම දඬුවම් දෙන්න ඒ වගේම මේවා ප්‍රසිද්ධ ස්ථාන වල විනාශ කරන්න නැත්නම් වෙන කොහේ හරි ගිහින් තව කාගේ හරි සාක්කු පිරෙයි...
ලෝකේ මත්ද්‍රව්‍ය ජාලය කාන්තාවන් අතට පත්වුණා..
මෙය ප්‍රචාරය කළ එක හොඳයි... මේවා ලබාගන්න හිටිය අය සහ චේන් එකම හැංගුවා..
මත්ද්‍රවය ගුවන්තොටුපලේදී සොයාගැනීම මධ්‍යටට ලබානොදී පොලිසියේ සහ ආරක්ෂක උපාය දුතයන් යොදවා මෙම මත්ද්‍රවය ලබාගන්න සහ ගෙන්වන පුද්ගලයන් සොයාගැනීමට හැකියාව තිබිණි. ලංකාවේ සිටිනා සියලු දෙනාම පහේ අත්අඩංගුවට ගැනීමට තිබු අවස්තවක්.