
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620 ක් සැකරුවන් දෙදෙනකු ලොරි රථයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අරණගලංවිල කඳවුර කියයි.
ගුවන් හමුදා බුද්ධි තොරතුරකට අනුව අරණගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථානාධිපති සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග මෙම වැටලිම කර තිබේ.
ඒ අනුව කොළඹ සිට පොලොන්නරුව දක්වා ලොරියක ප්‍රවාහනය කරමින් තිබු භාවිතයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය කළ ලොරිය මින්නේරිය ප්‍රදේශයේදි පරීක්ෂා කිරීමේදි අපිරිසිදු පොල්තෙල් තිබු බැරල් 35 ක් දහයියා පිරවූ ගොනිවලින් වසා ගෙන තිබියෙදි හමුවි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අර 323 කන්ටේනර් වල තිබිච්චා වෙන්න බැරිද?