(වියලුව වාර්තාකරු)
මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ වහලයක් අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මීගහකිවුල බලගොල්ල 18 කණූව පදිංචි ඩී එම් සුගතපාල නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (08) වහලයේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා දහවල් තේ පානය සඳහා සෙසු පිරිසද සමග වහලයෙන් බැස විටක්ද කෑමට ගෙන යළිත් වහලයට ගොඩ වී පරාළයක් මත වාඩි වී වහලේ අලුත් වැඩියාවේ නිරතවෙමින් සිටියදී එක්වරම වහලයෙන් බිමට ඇද වැටීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වි ඇත.
වහලයෙන් ඇද වැටීමත් සමඟම මොහු ප්‍රදේශවාසීන් එක්ව මීගහකිවුල රෝහල කරා රැගෙන විත් ඇතත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වහළයෙන් ඇඳ වැටී අයෙක් මරුට