IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාමත්,අදායම් තත්වය ඉහළ නැංවීමත් සහ මෙරට සහ ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය සංවිධානය කළ තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කළ තැපැල් මෙවලම් ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුවයි. එම මුද්දර ප්‍රදර්ශනය කොළඹ 07, මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙරට තැපැල් සේවාවට වසර දෙසීයයකට අධික ඉතිහාසයක් පවතින අතර වර්තමානය වන විට දිවයින පුරා තැපැල් කාර්යාල පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇතැයි ද එමගින් මෙරට ජනතාවට විශිෂ්ට සේවාවක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

 



අදහස් (0)

මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2007 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 631 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 710 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site